අද ලංකාදීපේ ප්‍රධාන පුවත “අසත්‍යයි”

පොලිස් මුලස්ථානයේ කොරෝනාබාධිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සිංහල ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ කළ පුවත අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.

2020 දෙසැම්බර් 9 වන දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇත්තේ “පොලිස් මුලස්ථානයේ 150 කට කොරෝනා” යනුවෙනි.

එම පුවත නිවැරදි කරන ලෙස ඉල්ලන පොලිසිය පවසන්නේ ලිපිය යවන දිනය වනවිට පොලිස් මුලස්ථානයට අනුයුක්ත නිලධාරීන්ගෙන් කෝව්ඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ නිලධාරීන් තිදෙනෙක් පමණක් බවයි.

“පොලිස් මුලස්ථානයේ 150 කට කොරෝනා – පුවත නිවැරදි කරන ලෙස ඉල්ලීම” මැයෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ වෙත දෙසැම්බර් 9 බදාදා නිවේදනයක් යොමු කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කර ඇත්තේ මෙම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

මුල් පුවතට දුන් පුමුඛතාවයම ලබා දෙමින් පොලීසිය එවූ පුවත 2020.12.10 දින ලංකාදීප පුවත්පතේ පළ කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ලංකාදීප කර්තෘගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.

Lankadeepa violates media ethics

අශිෂ්ට යෙදුම් වලින් මුල්තැන

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ඔක්තෝබර්  මාසයේ වැඩිම වාර ගණනක් ශිෂ්ට සම්පන්න නොවන වචන භාවිත කිරීමේ චෝදනාවත් එල්ල වී තිබුනේ  ලංකාදීප පුවත්පතටයි.

වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ EthicsEye කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී තිබුනේ  2020 ඔක්තෝබර් 01 සිට 23 දක්වා කාලය තුළ තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ පළවූ කොවිඩ්-19 හා සම්බන්ධ ශිෂ්ට සම්පන්න නොවන, නිෂේධනාත්මක යෙදුම් දක්නට ලැබුණු වාර ගණන අනුව එම තීරණයට එළඹී බවයි.

එහිදී ‘කොරෝනා කත’, ‘කොරෝනා සුද්දා’, ‘කොරෝනා මනමාලි’ වැනි, යෙදුම් සලකා බලා ඇති බව එහි වැඩි දුරටත් සඳහන්ය.

Lankadeepa violates media ethics

ලංකාදීප, අරුණ, දිවයින, මව්බිම හා දිනමිණ යන පුවත්පත් පහ පදනම් කරගනිමින් සිදු කර තිබෙන සමීක්ෂණය අනුව අදාල කාලය තුලදී රට තුල වැඩිම අලෙවියක් ඇති සේ සැලකෙන ලංකාදීප පුවත්පත නම වතාවක් කොවිඩ් වාර්තාකරණයට අදාල කොන්කිරීමේ යෙදුම් භාවිත කර තිබෙන අතර එම කාලය තුලදී අරුණ පුවත් පත එවැනි යෙදුම් භාවිත කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.

දිවයින සහ මව්බිම යන පුවත්පත් දෙක එම කාල සීමාව තුලදී කොවිඩ් වාර්තාකරණයට අදාල කොන්කිරීමේ යෙදුම් අවස්ථා එක බැගින් වාර්තා කර තිබෙන නමුත් දිනමින පුවත්පත එකදු අවස්ථාවක හෝ එවැනි යෙදුමක් භාවිත කර නොමැති බව EthicsEye පෙන්වා දෙයි.

Social Sharing
නවතම