කෙල ගැසූ පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව මූලික කරගෙන අටළුගම ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාව අත්හිටුවීමට කිසිදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට අයිතියක් නැති බව වැඩ කරන ජන බලයේ රවි කුමුදේශ් මහතා පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වන විට අටලුගම ප්‍රදේශය බරපතල ලෙස සිඝ්රාගාමීව සිදු වෙන බවත් රොගින්ගේ හැසිරීම රෝගය අනුව වෙනස් විය හැකි බවත්, පෙන්වා දෙන ඔහු පවසන්නේ රටේ සිටින විවිධ පුද්ගලයින්ගේ හැසිරීම් රටාව නිසා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම හෝ නොයෑම තිරණය කළ නොහැකි බවය.
ලෝක වසංගත තත්ත්වයකදි අනිවාර්යෙන්ම මේ තත්ත්වය ඇති විය හැකි බවද ඔහු පවසයි.
රෝගියාගේ හැසිරීම සම්බන්ධයෙන් මේ වන විටත් නිත්‍යානුකූලව ක්‍රියා කර ඇති නිසා වහාම ඒ ප්‍රදේශයට යළිත් සෞඛ්‍ය සේවාව ලබා දිමට වසංගතරෝග අංශය ක්‍රියා කළ යුතුව ඇතැයිද රවි කුමුදේශ් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.