ඇමතිගේ යෝජනාව හකුලා නොගැනීම නිසා වනජීවී නිලධාරීන් රාජකාරියෙන් බැහැර වේ!

ජලගැලුම් නිම්නයේ ආන්දෝලනාත්මක මාර්ගය පිළිබඳව හා වනජීවී කලාප තුළට ගවයන් ඇතුළු කිරීම වනජීවී කලාප තුළ වගා කිරීමට අනවසර පුද්ගලයන්ට පැවරීමට අනුබලදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වීම තුළින් මෙම නීති විරෝධී ක්‍රියාමාර්ග අකුලාගෙන නොමැති බවත්, සාකච්ඡා ඉල්ලා සිටියද අදාළ දිනට පෙර සාකච්ඡා සඳහා අවස්ථා නොදීම පිළිබඳවත් විරෝධය පළ කරමින් අද (07) දින අසනීප නිවාඩු වාර්තා කර සියළු රාජකාරිවලින් බැහැර වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ඒ.ජී.එස් විදානගමගේ මහතාගේ අත්සනින් යුතුව 2020.10.05 දාතම ලිපියෙන් මේ බව දැනුම් දී තිබේ.

ඔවුන් පවසන්නේ පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා නීති විරෝධී මාර්ගයක් යලි එලි කර සංවර්ධනය කිරීමට යෝජනාවීම, ජාතික උද්‍යානයෙක්හී අනවසර ගොවිතැන්, ගවයින් ඇතුලු කිරීම සම්බන්ධ යෝජනා බලධාරීන් විසින් හකුලාගෙන නොමැති බව යලිත් පසුගිය දිනක ඉස්මතු කරමින් රාජ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී මේ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තා ලබා ගැනීමට සූදානම්වන බව පැවසීමෙන් තහවුරු වන බවත්, අදාළ පාර්ශව සමග කරුණු පහදා දීමට සාකච්ඡාවක් ලබා ගැනීමට වෘත්තීය සමිති එකමුතුව ඉල්ලීම් කළ ද ඒ සඳහා නියමිත දිනට පෙර දිනයක් හා වේලාවක් ලබා දීමට අපොහොසත් වීම පිළිබඳව ද විරෝධය පල කරමින් වෘත්තීය සමිති එකමුතුවේ ඒකමතික තීරණය අනුව 07) දින සියලු වනජීවී වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කර රාජකාරීවලින් බැහැර වන බව ද පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවන සංරක්ෂන කටයුතුවල බාධාවන් වෙනුවෙන් කණගා‍ටුවන බවත් වනජීවී සම්පතෙහි දීර්ඝ කාලීන උන්නතිය උදේසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරන වූ බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියි.

Wildlife officials on strike due to wildlife minister's actions

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම