මහර මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී

මහර ගැටුමෙන් මිය ගොස් සිටි තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ මෘත ශරිර ඊයේ (05) දින හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහ් කර සිටියි.

ඒ්  මිනුවන්ගොඩ, හොරණ – අගුරුවාතොට, වැලිවේරිය – රතුපස්වල හා වත්තල- ඒඩේරමුල්ල පදිංචිව සිටි සැකකරුවන් සිව් දෙනෙකි.

මොවුන් සිව් දෙනාද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වුවන් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා මේ මෘත දේහ හඳුනාගෙන ඇති බව පැවසුවත් මේ වනතුරුත් ඒ් අදාල වසම් වල පොලිස් ස්ථාන වලට මේ මරණ සම්බන්ධයෙන් තොරතුරු ලැබි නොමැති බව මෙම ප්‍රදේශ වල පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ්බැවින් මේ වන විට ඒම පොලිස් ස්ථාන වල නිලධාරින්ද තමන්ගේ පොලිස් බලප්‍රදේශයේ මිය ගොස් ඇත්තේ කවුදැයි සොයමින් සිටියි.

මේ වන විට මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ මෘත ශරිර 6 ක් හඳුනාගෙන ඇත. ඉන් මෘත ශරිර දෙකක පශ්චාත් මරණ පරික්ෂණ සිදු කර ඇත.

මීට අමතරව මාකොළ හා ජා ඇල තවත් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඔවුන්ගේ ඥාතින් ප්‍රකාශ කළත් බන්ධනාගාරය හෝ පොලිසිය ඒ් පිලිබද තහවුරු කර නොමැත.

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් සෙවිමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබු අතර ඒහි පොලිස් අධිකාරිවරයෙක් යටතේ නිලධාරින් 12 කුගේ යුත් කණ්ඩායමක් මේ පිලිබඳ විමර්ශන ආරම්භ කරනු ලැබුණි.

පසුව ඒය පෙරේදා (04) දිනය වන විට නිලධාරින් 20 ක් දක්වා වැඩි කර සිටි අතර අද (06) වන විට නිලධාරින් 25 ක් දක්වා කණ්ඩායම වැඩි කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියි.

ඒම කණ්ඩායම විසින් මේ වන විට මහර බන්ධනාගාර අධිකාරිවරයා ඇතුලු බන්ධනාගාර නිලධාරින් 45 කුගේ, වෛද්‍යවරුන් 11 කුගේ, හෙද නිලධාරින් 07 කුගේ හා රැඳවියන් 53 කුගේ ප්‍රකාශ ලබා ගෙන අවසන් බවද පැවසේ.

ශානිකා

Social Sharing
නවතම