වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැඟ විරෝධතාවන් වල නිරත වන්නට පටන් ගෙන දැන් දින ගණනකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියයි.

මේ පිලිබඳ සොයා බැලීමට අද (05) දින බන්ධනාගාර කළමනාකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී වහලය මත සිටි රැඳවියන් වහලයෙන් බස්සා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇත.

ඉන්  ප්‍රධාන වශයෙන් ඔවුගේ ඉල්ලීම වූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියත්, පූර්ණ ආබාදිත හා නිදන්ගත රෝග වලින් පෙලෙන සහ වයස අවරුදු 75ට වැඩි රැඳවියන් හට සමාව දීම යන කරුණු පිළිබදව අවධාධනය යොමු කරමින් අමාත්‍යවරයා විසින් පුකාශ කර සිටියේ, මේ පිළිබදව දැනටමත් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන තම අමාත්‍යාංශය විසින් අවධානය යොමු කර ඇති බවත්, එලෙස සමාව දීමට සුළු වැරදි වලට සම්බන්ධ රැඳවියන් ඇප මත නිදහස් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත්ය.

තවත් ඔවුන්ගේ ඉල්ලීමක් වු Covid-19 වෛරසය වෙනුවෙන් පවත්වන PCR පරීක්ෂණ බන්ධනාගාර තුළ ක්‍රමවත්ව හා කඩිනමි කිරීම පිළිබදව රාජ්‍ය අමාත්‍යවරයා රැඳවියන් දැනුවත් කළ අතර, නැවත මෙවැනි විරෝධතා නොපවත්වා රැඳවියන්ගේ සියලු ගැටලු රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලෙසට බන්ධනාගාර රැඳවියන්හට උපදෙස් ලබාදුනි.

අවසානයයේ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ සිටියේ අතිගරු ජානාධිපතිතුමාගේ උපදෙස් මත සිව්වස් සමාකාලය ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් යම් සධාරණ හේතුන් මත නිදහස් කිරීමට හා ඇප දීමට ඇති සියලුම රැඳවියන් හා සැකකරුවන් වෙනුවෙන් තමා පෙනි සිටින බවත්ය.

Covid-19 වෛරස් තත්ත්වය බන්ධනාගාර තුළින් පහ කිරීම සදහා ශ්‍රී ලංකා යුදහමුදාපතිතුමා සමග එක්ව තමා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම