“අපි මර්ධනකාරී ආණ්ඩුවක් නොවේ!” – බන්දුල ගුණවර්ධන

පෙරටුගාමී පක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් යැයි හඳුනා ගන්නා පිරිස් කොළඹ නගරයේදි කළ උද්ඝෝෂණයේදි ප්‍රථමයෙන්ම පොලිසියට පහර දී ඇත්තේ උද්ගොෂකයින් යැයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ උද්ඝෝෂණයේදි පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කථා වෙන බවත් පුද්ගලයින් ඒකරාශී වීම වළකාලීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සඳහන් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශක, විධි විධාන වලට අනුව පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන එය උද්ඝෝෂකයින්ට දැනුම් දි ඇති නමුත් ඔවුන් එය තැකිමක් නොකොට දිගින් දිගටම රැඳි සිටීම නිසා මෙම ගැටුම හටගෙන ඇති බවද අමාත්‍යවරයා කියයි.

මෙහිදී පොලිසියට ප්‍රථමයෙන්ම මෙම උද්ඝෝෂකයින් පහර දෙන ආකාරය ඡායාරූප වල සඳහන්ව ඇති බවද ඔහු කීහ.

මෙම පහර දීමෙන් පසු ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන් පොලිසිය ඔවුන්ට පහර දී ඇති බවද නමුත් මෙම පහර දීම ජනාධිපතිවරයාවත්, කැබිනට් මණ්ඩලයවත් අනුමත නොකරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.

මෙය කොරෝනා වෛරසයෙන් පසු සිදු වු ප්‍රථම අවස්ථාව බවද ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

Social Sharing
නවතම