මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් දෙදෙනෙකු හඳුනා ගනියි

මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වී අදට සතියකි. ඒ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නාගේ මෘත දේහ තවමත් ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේය. ඒ ඒම මෘත දේහ සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැඟි ඇති හෙයිනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පළමුවෙන්ම සඳහන් කළේ මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසු බවය. ඒ ඔවුන්ගේ තොරතුරු ඇතුලත් ලේඛනාගාරය ගිනිබත් විම නිසා බව ඊට හේතු ලෙස සඳහන් විය. මේ අතර රාගම රෝහල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මිය ගිය රැඳවියන් ඒකලොස් දෙනොගෙන් අට දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වි ඇති බවයි.

ඒ අනුව මේ මෘත දේහ හඳුනාගනු ලැබුවත් කොවිඩ් මාර්ගෝපදේශ අනුව මෘත දේහ ඥාතින්ට හිමිවන්නේ නැත. සිදුවන්නේ රෝහලෙන් ගෙන ගොස් ආදාහනය කිරිමය. නමුත් මේ පුද්ගලයින් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර ඔවුන්ගේ මරණයට හේතුව අනාවරණය කර ගත යුතු බවත් ඒමෙන්ම මෙය ඝාතනයක් බැවින් ආදාහනය නොකර භූමිදානය කළ යුතු බවත් ආදාහනය කිරිම තුලින් අපරාධකරුවන්ට නිතියෙන් ගැලවි යා හැකි බවත් පවසමින් සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනුකලේ වින්දිතයින්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා විමටය.

ඒ අනුව මේ පිලිබඳ නිතිපතිවරයා හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඔවුන්ගේ මතය දැක්විමට ඊයේ (04) දින වත්තල අධිකරණයේ පෙනි සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබු නමුත් නිතිපතිවරයා වෙනුවෙන් කිසිදු නියෝජිතයෙකු පැමිණ තිබුණේ නැත. ඒ නිසා මේ මෘත දේහය සම්බන්ධ නියෝගය ලබා දිම ලබන 11 දා දක්වා කල් තැබිමට වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සි.රාගල මහතා කටයුතු කලේය.

මේ අතර මිය ගිය රැඳවියන් දෙදෙනෙකු ඊයේ (04) වන විට හඳුනා ගනු ලැබුණි. ඒ ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ පදිංචිව සිටි  එස්.ඒල්. සම්පත් කුමාර නම් විසි නව හැවිරිදි තිදරු පියෙක් බවට හා වත්තල, හුණුපිටිය, නාහේන පදිංචි අමිත් සුබසිංහ නම් 30 හැවිරිදි තරුණයෙකු බවටය.

සම්පත් නම් සැකකරු මිට මාස පහකට පමණ ප්‍රථම මත්කුඩු සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි. අමිත් නැමැති සැකකරුද මත්කුඩු සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරා වු දමිත් සමඟ කිරිබත්ගොඩ පොලිසිය විසින් මිට මාස හතරකට පමණ පෙර අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි. මේ වන විට අමිත්ගේ සොහොයුරා වු දමිත් සුබසිංහ පිලිබඳ කිසිදු තොරතුරතු ඔහුගේ ඥාතින්ට සොයා ගත නොහැකි වි ඇත.

තවමත් මහර බන්ධනාගාරය අසලට තම පුතුගේ, සැමියාගේ, සහෝදරයාගේ, ඥාතියාගේ ඡායාරූප රැගත් රැඳවියන්ගේ ඥාතින් වැල නොකැඩි පැමිණෙමින් සිටින්නේය. ඒ තවම් කිසිදු තොරතුරක් නැති තම ඥාතියාට කුමක් සිදු වුවේදැයි විමසා බැලිමටය.

ශානිකා / ආනන්ද

ඡායාරෑපය – අන්තර් ජාලය

Social Sharing
නවතම