කොවිඩ් ආසාදිත නාඳුනන මළසිරුරු රජයේ වියදමින් ආදාහනයට!

කෝවිඩ් වෛරසය ආසාදිත යැයි පවසන හඳුනා නොගත් මළ සිරුරු අප්‍රකාශිත සංඛ්‍යාවක් පුළුස්සා දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති නියමයෙන් එම තීන්දුවට එළැඹ ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් රටේ ඉහලම අධිකරණය විසින් ඉවත දැමීමත් සමගය.

කෝවිඩ් රෝග පාලන කටයුතු භාරව අලුතින් රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිහිටුවීමට පසුදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අත්සනින් යුතුව දෙසැම්බර් 1 අඟහරුවාදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතව මිය ගිය හඳුනා නොගත් අයගේ මළ සිරුරු රාජ්‍ය අනුග්‍රහයෙන් ආදාහනය කරන බවයි.

“ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු, කොවිඩ් -19 ආසාදිතව මිය ගිය අයවලුන් කිහිපදෙනෙකුගේ මළ සිරුරු රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස් වී ඇත.මේ තත්ත්වය සබැදිව අතිගරු ජනාධිපතිතුමාගේ දැනුවත්භාවයට ලක් කිරීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.”

ඒ සදහා වන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දිය යුතු බවට, වැඩිදුරටත් උපදෙස් ලැබුන බවයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ පවසන්නේ.

ඥාතීන් භාර නොගත්, කොවිඩ් ආසාදිතව මිය ගිය මළ සිරුරු සංඛ්‍යාව හා  ඒවා එක් රැස්ව තිබෙන රෝහල් කවරේද යන්න හෝ මරණයට පත්වූ එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා දරණ ලද උත්සාහය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන්ව නැත.

 

Unidentified bodies infected with Covid to be cremated at government expense

Social Sharing
නවතම