සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි අද කෙනෙකුගේ ප්‍රශ්නයක් කියන්නට, දුකක් කියන්නට නිසි බලධාරියෙකු නැති බවද  උන් වහස්සේ පෙන්වා දෙයි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ නොයෙක් සෞඛ්‍ය ඇමතිවරු සිටි අතර ඒ කාලයේ පෙති ඇමති, කරල් ඇමති, ගුලි ඇමති වශයෙන් ඔවුන් හැඳින්වූ බවද අද සිදුවන්නේත් එයම බව කියන උන් වහන්සේ ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ සෞඛ්‍ය යනු ඒකාබද්ධව සිටි පවුලක් බවද, පවුලේ ප්‍රධානියෙක් සිටි බවද නමුත් අද ඒ පවුල කැඩී විසිරී ගොස් තිබෙන බවය.

එක් එක් විෂයට එක් එක් ඇමතිවරු පත් කරමින් සිටිනා අතර එය සෞඛ්‍යට මෙන්ම ජනතාවට හොඳ නැති බවත් කාගේ උපදෙස් මත මේවා සිදු කරනවාද යන්න නොදන්නා බවත් මේ පිලිබඳ ඇසු විට උත්තර දෙන්න කිසිවෙකුත් නැතැයිද ආනන්ද හිමියන් කියයි.

ජනාධිපතිවරයාට පවා සත්‍ය වසන් කරමින් යම් යම් දෙනාට ලකුණු දා ගැනීමක් පමණක් සිදු කරන බවද ස්වාධීන ආයතනයක් වූ වෛද්‍ය සභාවටත් අද ඇඟිලි ගහන තත්ත්වයක් මතුව ඇතැයිද, නියමිත පුද්ගලයෝ සීසිකඩ මාරු කර යවමින් තමන්ගේ අභිමථාර්ථ ඉෂ්ඨ කර ගනිමින් සිටිනා බවත් සෞඛ්‍ය අමාත්‍යවරියද ඊට මුණිවත රකිනා බවත් උන් වහන්සේ කියා සිටියි.

වෛද්‍ය සභාවට සාමාජිකයින් තෝරා පත් කර ගැනිමේ බලය ඇති නමුත් ඉවත් කිරීමේ බලය කොතනකවත් නැතැයිද ඒ නිසා වැඩබැරි ටාසන්ලාට ඊට ඇඟිලි ගැසිමට ඉඩ නොදෙන ලෙසද ඉල්ලා සිටියි.

අද සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරන්නේ අමාත්‍යවරියවත්, සෞඛ්‍ය ලේකම්වරයාවත් නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවට චෝදනා කර සිටින ආනන්ද හිමියන් කියා සිටින්නේ ඔවුන් තවදුරටත් මෙලෙස අමාත්‍යාංශයේ වැඩ වලට ඇඟිලි ගැසුවහොත් තම සංවිධාන වලටද ඊට එරෙහිව බලය ගැනිමට සිදු වෙන බවය.

මේ විවේචනය කරන්නේ ආණ්ඩු පෙරලීමට නොව ආණ්ඩුව හදා ගැනීමට බවත් සැමවිටම මේ වෘත්තිය සමිති වලට එක හැන්දකින් බෙදන ලෙසද උන් වහන්සේ ඉල්ලා සිටියි.

එලෙස කොටසකට හොඳට සලකා තවත් කොටසකට නොසලකා සිටිනවානම් මේ වෘත්තිය සමිති වලට දක්වන සැලකිල්ල පිලිබඳ ජීනිවා වලට පවා ලිවිය හැකි යැයිද නමුත් ඊට පෙර මේ සෞඛ්‍ය බලධාරින්ව දැනුවත් කර සිටිමක් සිදු කරන්නේ යැයිද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම