අසමත්කම් රාශියක් මැද ආණ්ඩුවේ එකම සමත්කම “හයි ස්පීඩ් ඇප” – උලපනේ සුමංගල හිමි

ආණ්ඩුවේ අසමත්කම් මැද පහුගිය සතියේ පමණක් හයි ස්පීඩ් ඇප ලැබීමේ ක්‍රමයක් අධිකරණ පද්ධතිය තුලින් දැක ගන්නට ලැබුණු බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.

පහුගිය කාලයේ ආණ්ඩුවේ ශේෂ පත්‍රය දෙස බැලු විට අධිකරණ පද්ධතිය පිලබඳව, නීතිය කඩා වැටිම පිලිබඳව රටේ ජනතාව තුල ඇත්තේ බරපතල සැකයක් බවත් ආණ්ඩුව පහුගිය කාලය තුල ගන්නා ලද සෑම තීරණයක්ම මහ පො‌ලොව තුල ආසාර්ථක වී අසමත් වෙද්දි, රට තුල මහරජාණෝ ෆේල් කියා මතයක් ගොඩනැගෙද්දී ඒවා වාර්තා කරන මාධ්‍ය මර්ධනය කරනු විනා ඒ වැරදි සකසා ගන්න උත්සහ ගන්නේ නැතැයිද උන් වහන්සේ පවසයි.

වටේ ඉන්න වියත් මඟේ උපදේශකයෝ ටික මේ වැරදි ටික නිවැරදි කර ගන්න කිසිදු උපදේශයක් ලබා දෙනවා පෙනෙන්නටද නැතැයි උන්වහන්සේ කියයි.  නමුත් මේ අසමත්කම් රාශියක් මැද සමත් වූ එක දෙයක් ඇති බවත් ඒ අධිකරණ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල පමණක් යැයිද උලපනේ සුමංගල හිමියන් පවසයි.

මිනිමැරුම් චෝදනා යටතේ දීර්ඝ කාලයක් ඇප ලබා නොදී සිරගතව සිටි අයට හිටි හැටියේ ඇප ලැබුණ බවත්, ලංකාවට පැමිණීමට නොහැකිව රතු වරෙන්තු තිබූ මිනිස්සු ලංකාවට පැමිණ නීතියේ දෙවගන ඉදිරියේදී එවුන් සුදනන් බවට පත් වී පහුගිය ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමට පවා ඉදිරිපත්ව දැන් උපදේශක මට්ටමෙන් කටයුතු කරනවා යැයිද උන් වහන්සේ චෝදනා කර සිටියි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාට තිබූ ඝාතනයක නඩු දෙකක් ඉවත් කර ගත් බවත්, කෝටි 20 ක අලාභයක් කළ  ලක් පොහොර සමාගමේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇප දුන් බවත්, බැසිල් රාජපක්ෂට තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර දැමු අතර, රිෂාඩ් මන්ත්‍රිවරයාට ඇප ලැබුණු බවත් මෙවැනි කටයුතු සිදු වෙද්දී අනෙක් පසින් පිල්ලෙයාන්ට ඇප ලැබුණා යැයිද පවසන උන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන්ගේ හෙංචයියන්ට ඔිනෑ ආකාරයකින් කෝලං නටන්නට ඉඩ ලබා දි ඇති බවය.

20 වෙනි සංශෝධනයත් සමඟ ඇති වූ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ලෙස මෙය දකින බවත් 20 සංශෝධනයේ ප්‍රජාත්‍රන්තවාදයේ මලගම ලෙස එදා පැවසුයේ ඒ නිසා බවද උලපනේ සුමංගල හිමියන් පවසයි.

ඒ නිසා අද විමලවිර වැනි ඇමතිවරු රාජ්‍ය නිලධාරින්ට ඇගිල්ල දික් කර බාධා කිරීම් කරන බවත් තමන්ට පක්ෂපාතිව කටයුතු කරන රජයේ සේවකයින්ට කශේරුකාවක් නොමැති වුණාට මේ රටේ බහුතරයක් රාජ්‍ය සේවකයින්ට පිට කොන්දක්, කශේරුකාවක් ඇති බව ඇමතිවරු දැන ගත යුතු බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසයි.

Social Sharing
නවතම