PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළුණු කරන්න එපා! – වෛද්‍ය හරිත අලුත්ගේ

පාසල් විවෘත කිරීමේදී  සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය යුතුව තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වන්නේ මේ තාක්ෂණික තීන්දු තීරණ අනෙකුත් බලධාරීන් වෙත නිවැරදිව සන්නිවේදනය කිරීම බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රටක් ලෙස අපි සංකීර්ණ තැනක හිටියත් එය පාලනය කිරීමේ මට්ටමක තිබෙන බව තාමත් විශ්වාස කරන බවත් පහුගිය සංඛ්‍යා දත්ත ගත් විට දිස්ත්‍රික්ක 15 කට ආසන්න සංඛ්‍යාවකින් රෝගින් වාර්තා නොවන බවත් අවධානම ඇත්තේ කොතැනද කියා බැලූ බැල්මටම පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

දිනපතා යාවත්කාලීන වන, ඉතා වැදගත් තීන්දු කිරණ ගත හැකි සිතියමක් ඉදිරි දින කිහිපයේ එළි දක්වන බවත් එය ඕනෑම අයෙකුට කියවා බලා පහසුවෙන් තේරුම් ගත හැකි සිතියමක් බවත් පාසල් විවෘත කිරීමේදී පවා එය වැදගත් වනු ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

මෙතෙක් නිවැරදි කර ගැනීමට  නොහැකි වී ඇති ගැටලුව වන්නේ PCR පරීක්ෂණ සම්බන්ධ ගැටලුව බවත්, කොවිඩ් රෝගින් හඳුනාගැනිමේ ලෝකයේ පිලිගත් පරීක්ෂණය වන මේ PCR පරීක්ෂණය සම්බන්ධ ගැටලු තුනක් ඇති බවද ඔහු කියා සිටියි.

ඉන් පළමුවැන්න ධාරිතාව බවත් අප තවමත් පසු කරමින් සිටින්නේ 10,000 -11,000 මට්ටමේ බවද නමුත් අහඹු පරීක්ෂණ ඔස්සේ මේ රෝගින් හඹා යා යුතුව ඇතැයිද එසේ කිරීමට නම් මේ ධාරිතාවෙන් ඔබ්බට යා යුතුව ඇතැයිද ඔහු අවධාරණය කර සිටියි. නැතහොත් මේ පවතින ධාරිතාව තුල කරන පරීක්ෂණ වලදී අපට හඳුනා ගත හැකි වන්නේ අධි ආශ්‍රිත පුද්ගලයින් සංඛ්‍යාව පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

දෙවැනි ගැටලුව වන්නේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදය බවත් පැය 24 ක් තුල ප්‍රතිඵල ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට යෝජනා කර සිටියත් තවමත් එය සිදුවී නොමැති බව පවසන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටින්නේ පැය 48 එහා ගිහින් ලැබෙන ප්‍රතිඵල වලදී තින්දු තීරණ ගන්න වෙන්නේ පිලිණු  දත්ත සමඟින් බවය.

උදාහරණයක් ලෙස ගතහොත් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය. බණ්ඩාරගම අටළුගම පළවෙනි රෝගීන් ටික වාර්තා වෙනකොට ඒ PCR සාම්පල් ගත්ත දවසයි වාර්තා ආපු දවසයි අතර දවස් කීයක පරතරයක් තියෙනවාද? පැය 48කට එහා පැත්තෙ පිළුණු වෙච්ච දත්තත් එක්ක බණ්ඩාරගම තීරණ ගන්න වූ බවත්, එහිදී අර පළවෙනි රෝගියා වාර්තා වෙනකොට රෝගීන් පොකුරක් නිර්මාණය වී අවසන් බවද ඔහු පෙන්වා දෙයි.

තුන්වැනි ගැටලුව ලෙස ඔහු සඳහන් කරන්නේ මේ පරීක්ෂණ වල ගුණාත්මකභාවය පිලිබඳවය. මේ පරීක්ෂණ සිදු කරන රසායනාගාර සම්මතකරණයට ලක් කරන්න කියා පැවසුවත් එයද අඩුපාඩු මැද සිදු වන්නක් බව ඔහු පවසයි.

ඊයේ (26) කෙළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
නවතම