කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහලට, ලංකාවෙන් ඊයේ මරණ 09ක්

ඊයේ (21)  දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒය දිනක දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහල ගොස් තිබේ.

සැප්තැම්බර් 30 වන විට ලංකාවේ කොරෝනා මරණ වාර්තා වුයේ 13 දෙනෙකි. නමුත් අද වන විට ඒම සංඛ්‍යාව 83 දක්වා ඉහල ගොස් තිබේ. ඒ අනුව පසුගිය දින 22 ඒක තුළ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 70 ක් වාර්තා වී තිබේ.

ඒමෙන්ම, ඊයේ දිනය වන විට මෙම වෛරසයෙන් මුලු ලෝකය පුරා රෝගීන් 1,376,856 ක් මියගොස් ඇත. ඊයේ දිනය තුළ පමණක් මරණ 11,135 ක් වාර්තා වී තිබේ. ඒයත් දිනකට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වන අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයෙනි. ඒය 1998ක් වන අතර ඊට පෙර දින 2064 ලෙස වාර්තා වී තිබුනි.

ඊයේ ලංකාවෙන් වාර්තා  වූ 9 දෙනා සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තොරතුරු

1 කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිවුමෝනියා ආසාදන තත්ත්වය සහ ආසාදන කම්පනයයි.

2 වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 වන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්ත්වය සමග කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

3 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වය යි.

4 කොළඹ 10 පදිංචි අවුරුදු 45 ක් වයසැති කාන්තාවන් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘදයාබාදයකි.

5 කොළඹ 10 පෙදෙසේ පදිංචි අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙකු නිවසේදීම ගොස් ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් මරණයට හේතුවයි.

6 කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇත. කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ හෘදයාබාධයක් මරණයට හේතුවයි.

7 වැල්ලවත්තේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග නිව්මෝනියාව බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය මරණයට හේතුවයි.

8 වැල්ලම්පිටියේ පදිංචි අවුරුදු 75ක් කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නියුමෝනියාව උග්‍ර වීමයි.

9 අයිඩීඑච් රෝහලේ දී 76 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති අතර, මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිව්මෝනියාව සහ ලේ විෂවීමකි.

Social Sharing
නවතම