තත්ත්වය නරක අතට, දින 20ට රෝගීන් 15681 මරණ 60යි!

පසුගිය දින කිහිපය තුළ කෝවිඩ් 19 ආසාදිතයින් බස්නාහිර පලාත ඇතුලු අනෙකුත් බොහෝ ප්‍රදේශවලින් බහුලව වාර්තාව වීම නිසා අද දින (20) වන විට කෝවිඩ් 19 ආසාදනය වූ සමස්ත රෝගීන් ප්‍රමාණය 19061ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙතරම් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වීමත් සමගම ලෝක කෝවිඩ් ආසාදිතයින් සහිත රටවල් හි ශ්‍රේණිගත කිරීම් ලේඛණයේ 130 ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 99 ස්ථානය දක්වා පහල බැස තිබේ.

පසුගිය සැප්තැම්බර් 30 වන විට ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් 19 ආසාදිතයින් වාර්තා වී තිබුනේ 3380 දෙනෙකු පමණක් බවත්, ඉන් මරණ වාර්තා වී තිබුණේ  13ක් පමණක් බවත්, Worldometers වෙබ් අඩවිය පෙන්වා දෙයි. නමුත් පසුගිය දින 20 තුළ රෝගීන් 15681 දෙනෙකු වාර්තා වී ඇති අතර, අලුතින් මරණ 60ක් මෙම කාළය තුළ වාර්තා වී තිබේ.

අලුතින් වාර්තා වූ රෝගීන් හා කෝවිඩ් ආසාදිත මරණ වලින් බහුතරයක් කොළඹ නගරය තුළින් වාර්තා වීම හේතුවෙන්, මෙම රෝගය තව දුරටත් පැතිරීම පාලනය කිරීමට අවම වශයෙන් කොළඹ නගරය සති 3කට වත් වසා තබන ලෙසට කොළඹ පුරපතිනිය රජයෙන් ඉල්ලා සිටී.

 

Social Sharing
නවතම