කොවිඩ් එන්නත ව්‍යාපාරික උගුලක්ද?

කොවිඩ්-19 ට එරෙහි එන්නතක් සොයා ගැනීම දෙසට වන ප්‍රගතිය, උමං මග අවසානයේ දී එය තුලින් ගමන් ගන්නා තැනැත්තා ආලෝකය දැකීමට පටන් ගන්නාක් මෙන්, “වෛරසය සමග ජීවත් වීම” අවශ්‍ය බවට කරන තර්කය මුලුමනින් ම පිලිගත නො හැකි බවට පැමිනෙයි.

එන්නත පිලිබඳ ප්‍රවෘත්තිය පැමිනෙන්නේ, එක්සත් ජනපදය හ යුරෝපය පුරා වසංගතය වේගයෙන් පැතිරෙමින් පවතිද්දීය. එක්සත් ජනපදය ආසාදන කෝටියේ සීමාව අභිබවා ගොස් ඇති අතර, දින කිහිපයක් තුල, එරටේ පමනක්, පුද්ගලයින් මිලියන කාලක් මිය ගොස් තිබෙනු ඇත. සඳුදා වන විට, ප්‍රාන්ත 43ක් පෙර සතියට සාපේක්ෂ ව සියයට 10කින් වැඩි නව කොවිඩ්-19 ආසාදන වාර්තා කලේ ය.

කොවිඩ්-19ට එරෙහි ව ක්‍රියා කරන ඵලදායී එන්නතක් වර්ධනය කිරීමේ ප්‍රගතියක් පවතී යයි ෆයිසර් සමාගම හා ජර්මානු හවුල්කාර බයෝඑන්ටෙක් සඳුදා (නොවැම්බර් 9) නිවේදනය කිරීම, අපේක්ෂා ජනක හා ධෛර්යය දනවන වර්ධනයකි.

එන්නතක් සාර්ථක වන තාක් කල් වෛරසය පැතිරී යාම වලක්වා, ජීවිත ආරක්ෂා කිරීමට හදිසි පියවර ගැනීම එමගින් අත්‍යවශ්‍ය බවට පත්කරයි. ස්වාධීන මඩුල්ලක් විසින් විමර්ශනය කරන ලද, එහෙත් තවමත් ප්‍රසිද්ධ කර නැති, 43,538කට අධික පිරිසක් සහභාගි වූ සායනික පරීක්ෂනයක ආරම්භක දත්ත මත, මෙම සොයා ගැනීම් පදනම් විය.

සුරක්ෂිතතාව පිලිබඳ ප්‍රශ්න සඳහා, අවම වශයෙන් පරීක්ෂනයට සහභාගි වූවන්ගෙන් අඩක් නිරීක්ෂනයට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව, නොවැම්බර් මස තුන්වන සතියේ යම් දිනක, ඉක්මන් භාවිතාවට ගැනීමේ අවසරයක් ඉල්ලා සිටීම සමාගමේ අභිප්‍රායයයි.

එන්නතක් දෙසට වන වර්ධනය විශ්වාසය දනවන ප්‍රවෘත්තියකි. එහෙත්, වැදගත් ප්‍රශ්න හා ගැටලු තවමත් ඉතිරි ව පවතී. “රෝහල්ගත වීම හා මරනයට හේතුවන වර්ගයේ මෙම වසංගතයට අදාළ ආසාදන, එන්නත මගින් වලක්වන්නේ ද යන්න ගැන තොරතුරු නැත.

තව ද රෝග ලක්ෂන නො පෙන්වමින් වෛරසය රැගෙන ගොස් කොවිඩ්-19, සාර්ස්-සීඕවී-2 ආසාදනය කරන පුද්ගලයන් එමගින් වලක්වන්නේදැයි යන්න ගැන ද තොරතුරු නැත” යි ස්ටාට් නමැති වෛද්‍ය සඟරාව, එන්නත පිලිබඳ එහි වාර්තාව තුල සටහන් කලේ ය. සම්ප්‍රේෂන අනුපාතයන් පහල දැමීමේ දී, එන්නත කොතරම් ඵලදායී ද යන්න නීර්නය කිරීමට, මෙහි දෙවනුවට සදහන් කල කරුන තීරනාත්මක වනු ඇත.

සමාජයේ පැවැත්මට නිෂ්පාදනය අත්‍යවශ්‍ය වන විට, සංගත ලාබ ගැන උත්සුක නො වෙමින්, විශ්වීය පරීක්ෂන, බෝ වූවන් හඳුනාගැනීම හා සියල්ලන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීම ඇතුලු ව මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා යෝධ ආයෝජනයක් තිබිය යුතු ය. එන්නතක් සොයා ගනු ලැබූ විට, පුද්ගලික සංගතවල ලාබ අවශ්‍යතාවන්ට හා ජාතික රාජ්‍යයන් අතර තරඟයට එය යටත් නො කොට, එය නොමිලේ බෙදා හරිනු ලැබිය යුතු ය.

ලක්ෂාන් ප්‍රනාන්දු

Social Sharing
නවතම