කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේ දැඩි විරෝධයක්!

කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ.

විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි බිම මේ වන විටත් පවරා ගැනීමට තීරණය වී ඇති බවත් එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ පිහිටි ග්‍රහලෝකාගාරය සහිත ඉඩම හා ඒ අවට ඉඩම් කොටස් මේ ආකාරයටම පවරා ගැනීමේ සූදානමක් පවතින බවයි.

මෙම ඉඩම් පවරා ගැනීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මේ වන විට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයත්, පොදු ශිෂ්‍ය එකමුතුවත් විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමියගෙන් ඉල්ලා තිබේ.

එකී ලිපි පහතින්…

මහා ශිෂ්‍ය සංගමය

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේ දැඩි විරෝධයක්!

පොදු ශිෂ්‍ය එකමුතුව

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේ දැඩි විරෝධයක්!

 

 

 

Social Sharing
නවතම