PCR හි ප්‍රතීක්‍රියක නොගෙන්විමෙන් දිනකට විශාල මුදලක් රජයට අහිමි වෙනවා – රවී කුමුදේශ්

PCR පරීක්ෂණ වලට අදාල ප්‍රතික්‍රියක මෙතෙක් නොගෙන්විම නිසා ඒවා පුද්ගලික අංශයෙන් ලබා ගැනිමට සිදුව ඇති බවත් මේ නිසා එක් පරීක්ෂණයකින් දිනකට රුපියල් 3000 ක් රජයට අහිමිව යන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ක්ෂණික ප්‍රතිදේහ ජනක  පරීක්ෂණ  හෙවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් තනි විකල්පයක් ලෙස භාවිතා කළ නොහැකි අතර මේ පරීක්ෂණ මඟින් රෝගියෙකු සම්බන්ධයෙන් තීරණ ගත හැකි වන්නේ ඔහුට වෛරසය ආසාදනය වි දින 4-5 කට පසුව සහ දින 07 කට කලින් දිනයකදි බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම කෙනෙකුට  රෝගය ආසාදනය වී ශරිර ගත විමට දින 4-5 ක කාලයක් ගත වෙන බවත් දින 7 වැනි කාලයකදි වෛරස ප්‍රතිදේහ ජනක ප්‍රතිදේශ මඟින් අවශෝෂ කරගන්නා නිසා බොහෝ විට මේ ප්‍රතිදේහජනක රුධිරයෙන්, සෙම පටල වලින් නොපෙනී යාමේ ඉඩකඩ න්‍යාත්මකව තහවුරු වී ඇතැයිද ඔහු කියා සිටියි. ඒවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල පිරිවැයක් දරමින් මේ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටිනා බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

මේ ක්ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ කිසියම් පාර්ශවයක් ඉතාම සැලසුම් සහගත විදිහට රටේ කොරෝනා මර්දන ප්‍රතිපත්ති හකුලවමින්, ඒවා වෙනස් කරමින්, අලුත් තාලේ ප්‍රතිපත්ති ගෙන එමින් මේ කට්ටල ඇවැසි විදහට කොරෝනා මර්දන වැඩපිලිවෙල හදන්න උත්සහ ගන්නා බව පෙනෙන්නට තිබේනවා යැයිද  ඔහු චෝදනා කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දින 2 ක්ෂණික  ප්‍රතිදේහ ජනක පරීක්ෂා කරන්නට හදන උනන්දුව ප්‍රතිදේහ පරීක්ෂා කිරීමට දක්වන්නේ නැතැයිද කියා සිටියි. එමෙන්ම මේ තත්ත්වය මත ඉදිරියේදී රසායනාගාර පරීක්ෂණ තුල  විශාල විසංකූලතාවයක්, ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බවත් එහි වගකීම මේ තත්ත්වය ඇති කිරීමට සහාය දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් භාර ගත යුතු යැයිද රවී කුමුදේශ් මහතා පවසයි.

ඔක්තෝම්බර් 02 දා PCR පරීක්ෂණ වලට අදාලව ප්‍රතීක්‍රියක ගෙන්විමට ටෙන්ඩර් දමා ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෙනතුරු ඒය සලකා බලා නැති බවත් නමුත් ඔක්තෝම්බර් 29 දා ක්ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල ගෙන්විමට දැමු ටෙන්ඩරයට අනුව දින දෙකකින් ඒවා මෙරටට ගෙන්වීම තුල පෙනී යන්නේ PCR පරීක්ෂණ අධෛයර්මත් කිරීමක් බවද මේ ප්‍රතික්‍රියක ගෙන්නුවේ නම් දැනට රුපියල් 5500 ක් වැය වන PCR පරීක්ෂණය රුපියල් 1500 වැනි අවම මිලකට කිරීමේ හැකියාව ඇතැයිද ඔහු කියා සිටියි.

මේ ප්‍රතීක්‍රියක නොගෙන්විම නිසා මේ වන විට ඒවා පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට සිදුව ඇති බවත් මෙහිදි මේ එක් PCR පරීක්ෂණයකින් රජයට රුපියල් 3000  වැනි අලාභයක් සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොරෝනා තත්වයට අදාලව සෞඛ්‍ය සේවා‌වේ ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමිනි.

ශානිකා

 

Social Sharing
නවතම