කොරෝනා සමාජගත වී අවසන්.. කොළඹ තත්වය ඉතාම බරපතලයි – මහාචාර්ය තිස්ස විතාන (video)

අපි මුල් අවධියේ මේ වසංගතය හොදින් පාලනය කරමින් තිබුනා. නමුත් දැන් නම් හොදටම පැහැදිලි ‌වෙමින් පවතිනවා සමාජය තුළ මෙම වසංගතය ක්‍රමයෙන් පැතිරෙමින් තිබෙන බව. සමාජ ව්‍යාප්තියක් නැහැ කිව්වට ඒය පිළිගන්න අමාරුයි.

යම් නිවැරදි ආකාරයකින් කටයුතු නොකරන්නේ නම් මෙම වෛරසය පාලනය කළ නොහැකි මට්ටමට වර්ධනය විය හැකියි. මේ වන විට ලැබෙන තොරතුරු අනුව කොළඹ තත්ත්වය ඉතාම බරපතළයි. මහාචාර්ය තිස්ස විතාරන මහතා මෙම අදහස් පල කරන ලද්දේ චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මහචාර්ය තිස්ස විතාරන යනු දැනට ශ්‍රී ලංකාවේ සිටින ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස් පිළිබදව විද්‍යාඥයෙකු බව පැවසේ. ඔහු ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය සම්බන්ධව වන අතර,  වසර 25ක් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.

නමුත් කොරෝනා වසංගතය මැඩලීම සදහා ලංකා‌වේ ස්ථාපිතව ඇති කිසිදු කමිටුවකට ඔහු සම්බන්ධකරගෙන ඔහුගෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට සෞඛ්‍ය අංශ හෝ රජය හෝ මෙතෙක් මැදිහත්ව නැත.

කිසියම් හෝ වෛරසවේදින් මේ කමිටුවල ඉන්න බව තමන් නොදන්නා බවත්, මා නොහිටියත් වෙනත් වෛරසය විශේඥයකි මේ කමිටුව නියෝජනය කළ යුතු බවද ඔහු අවධාරනය කර සිටී.

මෙම වෛරසය මැඬලීම සඳහා එන්නතක් ගැන බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත්, ඒවැනි ඒන්නතක් සොයා ගැනු ලැබුවත් ඒය ලංකාවට ඉතා ඉක්මනින් ලැබේවි යැයි සිතන්නට නොහැකි බවත් ඔහු කියා සිටියි.

අද වන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවී අවසන් බවත් ශ්‍රී ලංකාව බරපතල අවධානමක් පවතින බවත් මෙවර වෛරසය ඉතාම ප්‍රබල බවත් ඒ මහතා සඳහන් කරයි.

Social Sharing
නවතම