දේශප්‍රේමී ආණ්ඩුව ජාතික සම්පත් විකුණනවා.

රට අනතුරක තිබෙනවා. කොවිඩ් වසංගතය රට පුරාම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් රට තුළ දිනපතාම කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු පමණ මිය යමින් තිබෙනවා. ලොකයේ තත්වයද මේ වගේයි. මෙහෙම ව්‍යසනයක් රට තුළ තිබියදී මේ ව්‍යසනයෙන් වන ආර්ථික අහේනියට උත්තර හොයන්න පුළුවන් මර්මස්ථාන තමන් ගේ බල වුවමනාවන් වෙනුවෙන් විකුණා දැමීමේ දුෂ්ඨ ක්‍රියාවලියක ආණ්ඩුව යෙදෙමින් ඉන්නවා.

ඊට එරෙහිව මේ රටේ ජාති මාමක බලවේග පෙළගැසිය යුතුව තිබෙනවා යැයි  ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් 16 දින පෙරවරුවේදී තංගල්ලේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ ආණ්ඩුව බලයට පත්වීම සදහා ඉතා නිර්ලජ්ජිත ක්‍රමවේද අනුගමණය කලා. බොරු දේශප්‍රේමයක් රට පුරා වැපුරවා. ජාති වාදය උපරිම ලෙස රට තුළ පැවරුවා. එලෙස ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරුණු ආණ්ඩුව මේ රටේ ජනතවගේ ඡන්දය ලබාගෙන රටේ මර්මස්ථාන ඉන්දියාවට චීනයට හා ඇමරිකාවට විකුණන්න පිඹුරු පත් සකස් කරමින් ඉන්නවා.

අපි දැන් අහනවා මේ ආණ්ඩුව බලයට පත් කිරීම සදහා වෙහෙස මහන්සි වූ සමහර සංඝයා වහන්සේලාගෙන් අන්‍ය ආගමික ප්‍රධානීන්ගෙන් වියතුන් යැයි කියා ගත් වියත් මගේ උදවියගෙන් රටේ ජාතික සම්පත් විකිණීමේ ආන්ඩුවේ මේ දුෂ්ඨ වැඩපිළවෙලට ඔවුන් කැමතිද කියා.

මේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ ඡන්ද ටික ලබා දෙන්න පෙරමුණ ගත්තා වගේම ඔවුන් මේ කොල්ලකාරී ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පරාජයට පත්කිරීම සදහා පියවර ගත යුතු වෙනවා. නමුත් එහෙම දෙයක් අපට මේ වන තෙක් පෙනෙන්ට නෑ.

පසුගිය මහ මැතිවරණ සමයේදී වරායේ සියළු වෘත්තීය සමිති එකතු වී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරජය කරන්න පෙරමුණ ගත්තා. නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට නැගෙනහිර ජැටිය නොවිකුණ බවට පොරොන්දු දී සමහර වෘත්තීය සමිති රවටනු ලැබුවා.

නමුත් අපි දැනගෙන සිටියා මේ පාලකයෝ  සියළු පොරොන්දු කඩකර වෘත්තීය සමිති මුළා කරන බව. ආණ්ඩවට හිතවත් වෘත්තීය සමිති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පොරොන්දු වලට වටිනා කමක් දී සටනෙන් ඉවත් වුණා. දැන් ආණ්ඩුව වෙනත් වටයකින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරන්න කටයුතු කරමින් යනවා.

දැන් වරාය අධිකාරිය සතු වටිනාම වස්තුව වන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියයි. ඒ මගින් වාර්ෂිකව රුපියල් කෝටි 3000 ට වඩා ආදායමක් ලබන බවට ගණන් බලා තිබෙනවා. රට වැටී ඇති මේ ජාතික ව්‍යසනයෙන් ගොඩගත හැකි එක් ප්‍රධාන තැනක් බවට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය හදුන්වන්නට පුළුවන්.

එම ජැටියෙන් උපයන්න පුළුවන් විදේශ විනිමය අති විශාලයි. නමුත් තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් ඒ වටිනාකම් සියල්ල පසෙක දමා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්ට හදනවා.

මේ දේශපාලකයන්ගේ ඉතිහාසයම පුරාම සිදු කරනු ලැබුවේ තමන් සතු දේපල විකුණන් කෑමයි. චන්ද්‍රිකා බන්ඩාරණායක මහත්මිය ත්‍රිකුණාමලේ කොටසක් ෆ්‍රීමා සමාගමට වික්කා. රනිල් වික්‍රමසිංහ මෛත්‍පාල සිරිසේන ආණ්ඩුව හම්බන්තොට වරයා වික්කා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් විකිණීමේ ශූරයෙක් බවට පත් වෙමින් ඉන්නවා.

මේ ධනපත් පාලකයින් ගේ මේ විකිණීමේ දුෂ්ඨ ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. ඒ සදහා මේ ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස් වගේම ඔවුන් පොළඹවන ලද සිවිල් සංවිධාන ක්‍රියා කාරීන් ද පෙරට ආ යුතුයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සදහා ආණ්ඩුව ගනු ලබන පියවරන්  පරාජය කිරීම සදහා රටම පෙළ ගැසිය යුතුයි. ඒ සදහා ජාතික භික්ෂු පෙරමුණ ඉදිරියෙන්ම සිටිනා බව සදහන් කරන්නට කැමතියි.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම