කොවිඩ්-19 අසාදිත මළ සිරුරු මිහිදන් කිරීමෙන් රෝගය පැතිරෙන්නේ නැහැ – එක්සත් ජාතීන්

අගමැති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන හනා සිංගර් කොව්ඩ්-19 අසාදිනය වී මිය යන සියලු දෙනා අය අනීවාර්යයෙන්ම අදාහනය කළ යුතු යන තීරණය යළි සළාක බලන ලෙස ඉල්ලා සිටී.

ලොව පුරා, මෙම වෛරසයෙන් ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්වන රෝගීන් ආරක්ෂාකාරීව හා ගෞරවාන්විතව අවසන් කටයුතු කිරීම වසංගතයට දක්වන ප්‍රතිචාරයේ වැදගත් අංගයක් බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවෙහි කොවිඩ්-19 නිසා විපතට පත්වූවන් සියලුදෙනා භූමදානය කිරීමේ නියෝගය ළඟදීම නැවත සලකා බැලිය හැකි බවට මෑත කාලීන මාධ්‍ය වාර්තා දිරිගැන්වන සුලු බව පවසන ඇය මෙම සන්දර්භය තුළ, කොවිඩ්-19 ආසාදිත යැයි සැක කෙරෙන සිරුරු බැහැර කිරීම සඳහා ඇති එකම ක්‍රමය ලෙස ආදාහනය කිරීම යැයි දැනට පවත්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සමඟ එක්සත් ජාතීන්ගේ සළකා බැලීම් නැවත අවධාරණය කිරීමට කැමැති බවද පෙන්වා දෙයි.

එය මෙසේද සදහන් කරයි,

ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 මාර්තු 24 වන දින සහ 2020 සැප්තැම්බර් 4 වන දින යාවත්කාලීන කරන ලද “කොවිඩ්-19 සන්දර්භය තුළ මළ සිරුරක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම සඳහා ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම” පිළිබඳ අතුරු මාර්ගෝපදේශ  මෙසේ සඳහන් කරයි.‍

ඒ අනුව වර්තමාන දැනුම මත පදනම්ව COVID-19 අසාදිත මළ සිරුරු හැසිරවීමේදී එහි ප්‍රධාන සම්ප්‍රේෂණ ක්‍රම (ජල බිඳිති / සම්බන්ධතා) සැළකිල්ලට ගත් විට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අඩුය. බෝවන රෝගයක් හේතුවෙන් මියගිය අය අනීවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන පොදු උපකල්පනය සාක්ෂි මගින් සනාථ කරන්නේ නැත. ආදාහනය කිරීම සංස්කෘතික තේරීම හා පවතින සම්පත් පිළිබඳ කාරණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම අනුව, කොවිඩ්-19 රෝගයෙන් මියගිය පුද්ගලයින් ගේ සිරුරු සුදුසු ආරක්ෂිත ක්‍රම සහිතව දේශීය ප්‍රමිතීන් හා පවුල් මනාපයන් අනුව භූමදාන කිරීම හෝ ආදාහනය කිරීම කළ හැකිය.

කොවිඩ්-19 විසින් ඇතිකර ඇති මෙම අභියෝගාත්මක කාලයෙහි දී ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්සත් ජාතීන්ගේ සහයෝගිතාව නැවත අවධාරණය කරන එම ලිපිය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි විශේෂිත ආයතන, අරමුදල් සහ වැඩසටහන් වසංගතය පාලනය කිරීම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවද දක්වා තිබේ.

srilankabrief.org ඇසුරිනි

Social Sharing
නවතම