කෘෂීකාර්මික අතිරික්තයක් තුළින් ඇති වූ සංස්කෘතික ගැටලුව – බැසිල් ප්‍රනාන්දු

අපේකම පිළිබදව කෙරෙන සාකච්ඡාවෙහි ප‍්‍රධානම මූලය වන්නේ ශ‍්‍රී ලාංකිකයාට අවුරුදු ලක්ෂයකට වැඩි සංස්කෘතියක් පවතින බවය. මෙම සංස්කෘතියේ විවිධ අවධීන් ඇති බවත් පසු ගිය ලිපි වලදී සාකච්ඡා කලෙමු.

මෙම ලිපියෙන් සාකච්ඡා වන්නේ අවුරුදු 6000 පමණ පෙර ආදිකාලීන ස්වදේශිකයන් විසින් ස්වභාවධර්මයෙන් හදුනාගත් විවිධ පැලෑටි වර්ග තමන්ම වැවීමට පුරුදු වූ කාලයකි. මෙයට ගොවිතැන පටන් ගත් කාලය ලෙස සදහන් කල හැක. මුලදී තමන් ජීවත් වූ පරිසරය තුලින් ආහාර හා බෝග වලට ප‍්‍රතිනිර්මාණය කල හැකි විවිධ පැලෑටි වර්ග ආදිය හදුනා ගැනීම සිදු විය. ඉන් පසුව විශේෂයෙන්ම ආහාර සදහා යොදා ගත හැකි පැලෑටි තමන් විසින්ම වැවීම පටන් ගන්නා ලදී. මෙය ලෝකයේ සෑම රටක් තුලම විවිධ ආකාර වලින් අතීතයේදී සිදු වූ ක‍්‍රියා ධාමයකි. මෙය හෝමෝසේපියන් යනුවෙන් හදුන්වනු ලබන මානවයාගේ වර්ධනයේ වැදගත් අවස්ථාවකි.

වැවීම පටන් ගැනීමත් සමගම ඊට අදාල විවිධ ප‍්‍රශ්ණ විසදීමට ද මෙම මානවයාට සිදු විය. වැවිල්ලට අවශ්‍යවන වතුර ලබා ගැනීම, විවිධ කෘමීන්ගෙන් එම වැවිල්ල ආරක්ෂා කර ගැනීම ආදී වශයෙන් දහසකුත් ගැටලු වැවීමේ ක‍්‍රියාදාමය තුලට ඇතුලු විය. මේවා විසදීම කෙරෙහි ද එම මානවයා විවිධ උපක‍්‍රමයන් යොදාගත් අතරම, ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම උපාය මාර්ගයන් සමාජගත විය. එම උපාය මාර්ගයන්ගේ සමාජගත වීම ඔවුන්ගේ සිත් තුල පැල පදියම් වී විශාල දැනුම් සම්භාරයක් බවට පත් විය. මෙම දැනුම් සම්භාරය පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ අතර, ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම ඥානය වඩාත් පළල් විය.

අතිරික්තයක් ලබා ගැනීම සදහා කෘෂිකර්මයේ යෙදීම

කෘෂිකර්මය එක්තරා ප‍්‍රමාණයකට වර්ධනය වූ පසු තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයේ ආහාර පමණක් නොව ඊටත් වඩා ආහාර හා වෙනත් දේ හදා ගැනීෙම් අවස්ථාවක් ඇති විය. ක‍්‍රමයෙන් තමන්ගේ පැවැත්ම සදහා පමණක් නොව අතිරික්තයක් ලැබීම සදහා ද වැවීම ඇරඹියේය. මෙම අවදියට සංවිධානාත්මක කෘෂිකර්මය ඇරඹි යුගය යැයි කීම සුදුසුය.

සංවිධානාත්මක කෘෂිකර්මය තුල විවිධ උපාය මාර්ගයන් වර්ධනය වීම එම සමාජයේ සංස්කෘතියක් බවට පත් විය. උදාහරණයක් වශයෙන් වැවක් සාදා ඒ මගින් වතුර එකතු කර ගැනීම ගැන බලමු. සාමාන්‍යයෙන් අප අසා ඇති කතාව නම් මෙය කිසියම් රජෙකු විසින් සිදු කල බවය. එහෙත් එය එසේ සිදු විය නොහැකි දෙයකි. මෙසේ වතුර එකතු කර ගැනීෙම් ප‍්‍රයත්නය, ටිකෙන් ටික සිදු වන්නට ඇත්තේ කෘෂිකර්මයේ යෙදුනු මිනිසුන්ගේම ප‍්‍රයත්නයක් වශයෙනි. ඔවුන් ජලය එකතු කර ගන්නා ආකාරයන් මෙන්ම, ජලය විවිධ කුඹුරු වලට ගලා යාමට සකස්විය හැකි ආකාරයන් ආදිය ටිකෙන් ටික වර්ධනය කරගත්තා යැයි සිතීම ස්වභාවිකය. මෙසේ ස්වභාවිකවම සමාජගත වුනු මෙම ක‍්‍රියාවලිය තුලින් ඇති වූ අවබෝධයෙන්, මෙම වැව් නිර්මාණය කර ගැනමේ සංකල්පය හා ක‍්‍රියාදාමය ඇති වුනු බව සැකයෙන් තොරව සිතා ගත හැකිය.

ජන විඥ්ඥානය දියුණු වීම හා රාජත්වයේ ආරම්භය
මෙයට පාලකයන්ගේ හෝ රජවරුන්ගේ සම්බන්දය ඇති වන්නේ රාජත්වය ඇති වන ක‍්‍රියාධාමයන් කිසියම් පාලනයක් යටතේ කර ගැනීමට අවශ්‍යය වූ අවස්ථාවකදී, එසේ කර දීමට හැකි නායකත්වයන් පහළ වීමත් සමගය. මෙම නායකත්වයෙන් කරනු ලබන්නේ අලුත් ඥානයක් ක‍්‍රියාත්මක කිරීම නොෙව්. රාජත්වය හා පාලනය වශයෙන් සංවර්ධනය වන ව්‍යුහයන් තුලින් දැනටමත් සමාජ ගතවී ඇති ඥානයන්ට අනුව වතුර බෙදා හැරීම හා වෙනත් කෘෂිකර්මයට අදාල සේවාවන් ඇති කරදීම සිදු වන්නට පටන් ගනී. මේ නිසා රජවරුන්ගෙන් සිදු වන ක‍්‍රියාදාමය වන්නේ, මුලුමනින්ම අහසින් ඔවුන්ගේ සිත් තුලට භාජනය වූ අදහසක් ක‍්‍රියාවට නැගීම නොව සමාජගත වී දියුණු වුනු ජන අත්දැකීමකට අවශ්‍යය සංවිධාන රටාවක් සපයා දීමය. මෙයද සිදුවන්නේ ජන සහයෝගීතාවය හා පාලකයාගේ ක‍්‍රියාකාරීත්වය අතර ඇතිවන අවබෝධය මතය.

කෘෂිකර්මයේ සංවර්ධනයට සංවිධාන රටාවක් අවශ්‍යය වූවා මෙන්ම කෘෂීකර්මයෙන් පාලනය වන අතිරික්තය පාලනය කිරීමෙහිත් සංවිධාන රටාවක් අවශ්‍යව තිබුනි. මෙම සංවිධාන රටාව හදුනා ගැනීෙම්දී ලංකාෙව් ජීවත්වූවන් අතර ඇතිවන පලවෙනි විශාලම බේදය ඇති වීමද දැකිය හැකිය.

ඉඩම් බෙදා ගැනීම හා ඒ මත ඇතිවන බේදයන්
එනම් කිසියම් බල පුලුවම්කාරකමක් පාවිච්චි කර ගන්නා සමහරු වැඩි බිම් ප‍්‍රමාණයක් තමුන් සතුකර ගැනීම තුලින්, වැඩි අතිරික්තයක හිමිකරුවන් වීමට උත්සාහ කරති. මෙහිදී එක අතකින් ටිකින් ටික විශාල ඉඩම් හිමියන් ඇති වන අතරම, එසේ ඉඩම් නැති අයද හෝ අඩු ඉඩම් ප‍්‍රමාණයක් ඇති අයද ඇති වෙන්නට පටන් ගනී. එසේ ඇතිවීම තුල ඇතිවන ප‍්‍රශ්ණ විසදා ගැනීම සදහා වූ අරගලයේදී කිසියම් මර්දනකාරී උපාය මාර්ගයන් යොදා ගැනීමට ඉඩම් වැඩි වශයෙන් හිමි කරගත් කණ්ඩායම් වලට සිදු විය. මේ ආකාරයෙන් ස්වභාවිකව, ජනහිත කාමීව එකිනෙකා අතර සාමයෙන් ප‍්‍රශ්ණ විසදා ගැනීෙම් ආදිකාලීන ස්වදේශිකයන්ගේ ක‍්‍රමය වෙනුවට, යම් බරපතල ගැටීම් මැද ජීවත් වන සමාජ රටාවන් ඇති වීමට පටන් ගනී.

දාස භාවයේ පරිනාමය
මෙය වඩාත් දියුණු කෘෂිකර්මයක් බවට පත් වන තරමටම, කෘෂිකර්මය සදහා ඉඩම් වලට අයිතියක් නොකියන කණ්ඩායම් යොදා ගැනීෙම් අවශ්‍යතාවය පැන නගී. මෙය ලෝකයේ සෑම රටක් පාසාම සිදු වී ඇති දෙයකි. මෙම සිදුවීම විකාශනය වීම තුලින් දාස බාවය යන සංකල්පයද සමාජ ගත වන්නට පටන් ගනී. සමහරු වෙනත් අයගේ දාසයන් බවට පත් වේ. සමහර විට එසේ දාසයන් බවට පත්වන්නේ පෙර යම් ඉඩම් වලට අයිතියක් තිබූ අයමය. මේ නිසා තමන්ට අතීතයේදී අයිති වූ ඉඩම් වල අලුතෙන් බලය පවරා ගත් ඉඩම් හිමියකුගේ දාසයන් බවට පත් වීමට ඔවුන්ට සිදු වේ.

අවසාන වශයෙන් මෙම බෙදීම නිසා ඇති වන්නේ තමන්ගේම ආහාරය හා මූලික අවශ්‍යයතාවයන් දාස බාවය තුලින් පමණක් ඉටු කර ගත හැකි කණ්ඩායම් ඇති වීමත්, එම කණ්ඩායම් වල මානසිකත්වයන් එම පැවැත්ම විසින්ම නිර්මාණය කිරීමත් සිදු වීමත් සමගය.

මර්ධනය මගින් දාස භාවය සමාජගත කිරීම
එහෙත් මෙය ස්වභාවිකවම පමණක් සිදු වන්නේ නැත. දාසයා දාසයාගේ සීමාව තුල රදවා ගැනීමට විශාල ඉඩම් හිමියන්ට සිදු වේ. ඒ නිසා සමාජය තුල ඉඩම් අයිතිය වටා සමාජ තත්වයන් නිර්මාණය වීමට පටන් ගනී. සමාජ තත්වය තුල එක අතකින් ඉඩම් වලටත්, ඉඩම් වලින් ඇතිවන අතිරික්ත ධනයටත් වැඩි හිමි කමක් ඇත්තන් හා ඔවුන්ගෙන් යැපීම සිදු කර ගන්නට වූවන් අතර තරාතිරම් දෙකක් ඇති විය. මෙහි වැඩි බලය ඇත්තන් ඔවුන්ගේ තරාතිරම රුක ගැනීම සදහා විවිධ සිරිත් විරිත් නිර්මාණය කර ගනී. එම සිරිත් විරිත් වලට අනුව ජීවිතයේ සියලුම දේ පවා ප‍්‍රති නිර්මාණය වීමට පටන් ගනී.

ඉඩම් හිමියන් හා ඔවුන්ගේ පවුල් වල ඇදුම් පැලදුම්, කෑම බීම හා ගෙවල් හදා ගන්නා ආකාරය හා එම ගෙවල් වල ප‍්‍රමාණය, ඔවුන් විසින් අදිනු ලබන විවිධාකාර ආයිත්තම් වල ස්වභාවය පමණක් නොව ඔවුන් ගමන් කරන විලාශය හා කතා කරන ආකාරය පිළිබදවද ඉතා ප‍්‍රභල වෙනස්කම් සමාජ ගත වීමට පටන් ගනී. ඊට සමාන්තරව අඩු ආදායමක් ඇත්තන් වෙන්කර හදුනා ගැනීම සදහාද පෙර ආකාරයේම ඇදුම් හා සියලුම දේ පිළිබදව වෙනසක් ඇති විය. බාහිරව බලන්නෙකුට ඉතා පැහිදිළිව වැඩි ධනයක් ඇත්තේ කා අතරද, ඔවුන්ගෙන් යැපෙන්නන් කවරහුද යනුවෙන් ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට මෙම වෙනස සිදු වේ.

කෲරත්වයේ පරිණාමය
මෙම වෙනස ඇති කිරීම සදහා ඇති වන මර්ධනය තුලින් කෲරත්වය පිළිබදව ඉතා තීරනාත්මක අවධියක් එම සංස්කෘතිය තුල ඇති වේ. වැඩි ඉඩම් හිමි කමක් හා අතිරික්තයක් ලබා ගැනීමට හා ඒවා පාලනය කර ගැනීමට හැකි වන ආකාරයෙන් මර්ධන රටාවන් පැන නගින අතර, එම රටාවන් රැක ගැනීම සදහා ප‍්‍රචන්ඩ දඩුවම් නියම කිරීම හා ඒවා ක‍්‍රියාවට දැමීම සිදු වේ. මේ තුලින් ඇති වන රටාව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් අලුත් සංස්කෘතියක් ඇති වෙන්නට පටන් ගනී. එය බලය හා මර්ධනය යන සංකල්ප ක‍්‍රියාත්මක කිරීෙම්දී වැඩි ජන කොටසක් සමග සිදු වන ගැටීම් මත පදනම් වේ.

කුල ක‍්‍රමයේ පරිණාමය
පසු කාලීනව මෙම ගැටීම් සාධාරණීකරණය කර ගැනීම සදහා විවිධ මතවාද හා ඒ මතවාද අනුව සමාජ ප‍්‍රතිසංස්කරණය කිරීමක් සිදු වේ. ලංකාෙව් එම ප‍්‍රති සංස්කරණය සිදු වූයේ කුල ක‍්‍රමය තුලිනි. වැඩි ඉඩම් වලට හා අතිරික්තයට හිමිකම් වූ අය එක කුලයක් සේ සැලකීමත්, එසේ නොවන්නන් විවිධ අඩු කුලයන් සේ සැලකීම සිදු වන්නේ කෘෂිකර්මයේ අතිරික්තය නිසා සිදු වන ගැටලු නිරාකරණය කර ගැනීමේ පහසු ක‍්‍රමයක් වශයෙනි. මෙයින් ගෙන යන පනිවිඩය වන්නේ අතිරික්තයට හිමිකම් නොකියන අයට එවනි අතිරික්තයක් සදහා අයිතියක් නැති බව සදාචාරාත්මක වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් හේත්තු ගැන්වීමෙනි. තමන්ගේ සීමාව දැනගත යුතු යැයි ජනප‍්‍රවාදව තුල ඇත්තේ එම දර්ශණයයි.

මේ ආකාරයෙන් ලාංකීය සංස්කෘතිය තුල අති විශාල පරිවර්ථනයක් සිදු විය. එම පරිවර්ථනය වටහා ගැනීමකින් තොරව රටේ සංස්කෘතිය වටහා ගැනීමට කරන ප‍්‍රයත්නය බොහෝ දුරට පවතින ප‍්‍රශ්ණයන් වංක ආකාරයෙන් යට ගසා දැමීම සදහා කරන ප‍්‍රයත්නයක් වේ.

කුහකමේ පරිණාමය
මර්ධනයන් සාධාරණය කර ගැනීම සදහා වර්ධනය වන තවත් උපක‍්‍රමයක් වන්නේ කුහකකමය. කුහකකම යන්න මූලික වශයෙන්ම ඇත්ත තත්වයක් වසන් කර වෙන මවා පෑමක් ඇති කර එම මවා පෑම සත්‍යයක් සේ සැලකීමට මිනිසුන් පුරුදු කිරීමය. වැඩි ඉඩම් හිමියන්ට තමන්ගේ තත්වය පවත්වාගෙන යෑම සදහා මෙම කුහකත්වය අත්‍යාවශ්‍යය සමාජ ගුණයක් බවට පත් වේ. මෙය ස්වභාවධර්මය තුලද දැකිය හැකිය.

විවිධ සතුන් තමන් ගොදුරු සෙවීෙම්දී ගොදුරට භාජනය වන්නන් ගෙන් තමන්ගේ සෑබෑ ලක්ෂණය හා අරමුණ වසන් කර ගැනීම සදහා ඔවුන්ගේ හම් වල පාට හෝ ඔවුන්ගේ විවිධ ගති ලක්ෂණ වෙනස් කර ගනී. මෙය ඉතා දැනුවත් ආකාරයකින් කර ගැනීමට මිනිසුන්ට පුලුවනි. කුහකත්වයේ මූලය පවතින්නේ ඉහත සදහන් කෘෂිකර්මයේ අතිරික්තය හිමි කර ගැනීම සදහා කරන තරගය තුලිනි.

ලාංකීය සමාජයේ හා සංස්කෘතියේ වර්ධනය මර්ධනයේ හා කුහකත්වයේ වර්ධනය පිළිබදව අවබෝධයක් නැතිව වටහා ගත නොහැකිය. විවිධ සුරංගනා කතා මගින් අතීශයින් සෞන්දර්යාත්මක වූ දෙයක් සේ සංස්කෘතිය මවාපෑමට උත්සාහ කලත්, පසු කාලීනව එනම් සංවිධානාත්මක කෘෂි ක‍්‍රමය ඇති වූ කාලයේ සිට ඇති වූ පැවැත්ම මර්ධනය පිළිබද සාකච්ඡාවෙන් හා කුහකත්වය පිළිබද සාකච්ඡාවෙන් තොරව කිරීම ව්‍යාජ ප‍්‍රයත්නයකි. මේ නිසා අපේකම, පිලිබද සාකච්ඡාවේ දී අපේකම යන අදහස වර්ධනය වීම හා එයට ප‍්‍රතිවිරුද්ධව ඇති වූ සමාජ අත්දැකීම් හා සංකල්ප ලංකාෙව් කෘෂිකාර්මික අතිරික්තය හිමි කර ගැනීම සදහා සිදු වූ ක‍්‍රියාවලියත් සමග සම්බන්ද කොට සාකච්ඡා කල යුතුය. එක අතෙකින් අපේකම පරමාදර්ශයක් සේ පවතී. අනෙක් අතින් අපේකම කුරිරු ලෙස බිද දමා සමාජය බේද බින්න කිරීෙම් ප‍්‍රයත්නයද සමහරු පරමාදර්ශයක් කර ගනිති.

මේ අනුව ලංකාෙවේ ජනතාව තුල තමන්ගේ පරම අභිලාෂයන් පිළිබදව එකගතාවයක් ඇත්තේ නැත. එවැනි එකගතාවයක් සාධනීයව ඇති කිරීම අපේකම පිළිබදව කෙරෙන අව්‍යාජ සාකඡාවක මූලෝපාය බවට පත් විය යුතුය.

බැසිල් ප‍්‍රනාන්දු

මෙම ලිපියේ අනෙක් කොටස් මෙහි බලන්න.

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු

 

Social Sharing
විශේෂාංග