භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්වීමේදී (VIDEO) – අමාත්‍ය චමල් රාජපක්ෂ

කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩලයේදී නියම කළ බවද ඔහු පවසයි.

බෞද්ධ ජනතාව හා හින්දු ජනතාවද ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන් ඉෂ්ඨ කරන්න ඉලුවහොත් සෞඛ්‍ය නීති රීතින් වලට පටහැනි නොවි සිදු කිරිමේ වරදක් නැතැයිද නමුත් පළමුව නොමැරී ජිවත් වීමට උත්සහ ගත යුතුව ඇතැයිද ඔහු පවසයි.

පෞද්ගලික සමාගම් රැපිඩ් ඇනිටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ සෑම දෙයකටම විරුද්ධ වී වැඩක් නැති බවත් හොඳ දෙයක් ගෙන එනවානම් එහි වරදක් නොමැති බවද ඉස්සරත් මෙවැනි පෞද්ගලිකව ගෙන්නු අවස්ථා තිබු බවය.

හම්බන්තොට, සූරියවැව  පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ශානිකා/ චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම