ඇන්ටිජන් ටෙස් කට්ටල ගෙන්වීමට  ගත්  උනන්දුව කොරෝනා මර්දනයටත් තිබුණා නම් – හිටපු සුව ඇමති

Covid-19 වෛරසය ආසාදිත දැයි සොයා ගැනීමට තිබෙන antigen සහ antibody යන පරීක්ෂණ දෙවර්ගයෙන් antigen වෛරසය පළවෙනි දවස් හතේ ශරීරය තුළ තිබියදී පමණක්  සීමිත  ප්‍රතිඵල  ලබා දෙන පරීක්ෂණයක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි

ලංකාවට ගෙන්වූ  මෙම පරීක්ෂණ කට්ටල, කරාපිටිය සහ IDH යන රෝහල් දෙකෙහිදීම රෝගීන්ට ලබා දුන් නමුත් ඒවා අසමත් වූ නිසා ප්‍රජා පැප් පරීක්ෂණ පැවැත්වීමට සිදු වූ බව ද ඔහු පවසයි.

මෙම Rapid antigen පරීක්ෂණය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා වේගවත් වූ එකක් බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා ඒ සඳහා ඔක්තෝම්බර් 28  සිට නොවැම්බර් දෙවැනි දා දක්වා වැඩ කරන දවස් එකක් පමණක් වෙන් වුවද ටෙන්ඩර් කරුවන් තිස් දෙනෙක් ඊට තරඟ වැදුණු බව සඳහන් කළේය. එතරම් වේගවත්ව  බලධාරීන් කොරෝනා මර්දනයේ  යෙදුණේ නම් මේ වනවිට ලංකාව කොරෝනා තුරන් වූ රටක් බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම ටෙන්ඩර් කරුවන් අතර කොරියන් පරීක්ෂණ කට්ටල ගෙන එන ජෝජ් ස්ටුවර්ට් හෙල්ත් ඩොලර් 2.10 කට ලංසු තබා තිබු බව පවසන ඔහු පේනවා දෙන්නේ මෙම පරීක්ෂණ කට්ටල ගෙන් වූ පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය හී ඇගයීම ද 22 දා සිදුකොට 22 දා ම නිකුත් කර ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පරීක්ෂණ කට්ටල අනුමත කර තිබුණද ඒ ලංකාවේ  නීති සහ රීතීන් ට යටත්වය. සමහරක් අවස්ථාවල  අදාළ ඖෂධය හෝ භාණ්ඩය ඉතා හොඳ මට්ටමේ පැවතියද එහි  ඇසුරුම නිසි ප්‍රමිතියෙන් නොපවතින්නේ නම් නියාමන අධිකාරිය මේ ඖෂධ අනුමත නොකරයි. ඉන්දියාවෙන් වරෙක ආනයනය කළ පිළිකාකාරක  ඖෂධවලට ද එය සිදුවිය.

ඊට අමතරව, MDEC  ආයතනයද සහතිකයක් ලබා දිය යුතු නමුත් එම ආයතනයේ අවසන් රැස්වීම පවත්වා ඇත්තේ ඔක්තෝබර් හත් වැනි දා ය. එසේ වූවද 19 දාතම යෙදූ සහතිකයක් මෙම පරීක්ෂණ කට්ටල සඳහා ලැබී ඇත. ඇන්ටිජන් ටෙස්ට් කට්ටල  ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ මෙරටට  ලබාදීමට තිබියදී, මෙයාකාරයෙන් මිලදී ගැනීම් සිදු කිරීම සහ අත්‍යවශ්‍ය PCR කට්ටල  සඳහා  යොමු නොවීම බලවත් ගැටළුවක් බව ඒ මහතා පවසයි.

Social Sharing
නවතම