කොරෝනාව ලාංකිකයින් 146ක් බිලිගනී

ලොවපුරා වේගයෙන් පැතිරණ යන කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් 146ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ විදේශ ගත ශ්‍රී ලංකිකයින් වන අතර ඒම ප්‍රමාණය 98 දෙනෙකු ලෙස වාර්තා වේ. ශ්‍රී ලංකාව තුළ මේ වන විට මිය ගිය ප්‍රමාණය 48 දෙනෙකි.

විදේශයන් හි මිය ගිය අය අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව වාර්තා වේ. ඒ අනුව සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු, කුවෙට්හි දී 21 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකු ද මෙසේ කොරෝනා වෛරසය වැලදීමෙන් මිය ගොස් තිබේ.

මේ සම්බන්ධව සවුදි ආරාබියේ වෙසන ලලිත් ප්‍රෙමලාල් මහතා ලංකාදීපයට පවසන්නේ ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංගලිදේශය, පිලිපීනය වැනි රටවල් විසින් මැද පෙරදිග සිටින තම පුරවැසියන් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති නමුත්, තවමත් ශ්‍රී ලංකිකයින් දහසකට වැඩි පිරිසක් ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවය.

පසුගියදා ගුවන්යානා කිහිපයක් සවුදිය වෙත පැමිණියද අධික ගාස්තු අයකිරීමේ හේතුව නිසා ඒහි පැමිණීමට නොහැකි වූ බව ද ඔහු පවසයි.  දැනටමත් බොහෝ ආයතන රටෙන් පිටවීමේ වීසා නිකුත්කර ඇති නිසා ගුවන් යානා නොමැතිකමින් ඒහි තවදුරටත් රැදී සිටීමට සිදු වුවහොත් ලක්ෂ 6කට වැඩි මුදලක් ගෙවා වීසා නැවත අලුත් කිරීමට සිදුවනු ඇතැයි ද පවසයි.

ශ්‍රී ලංකාව තුළ මෙම වසංගතයෙන් මිය යන සංඛ්‍යාව ඉතා පහල අගයක පැවති මුත් මේ වන විට ඒය වේගයෙන් ඉහල යමින් තිබේ. පසුගිය ඔක්තෝබර් 31 වන දින වන විට ලංකාවෙන් කෝවිඩ් මරණ වාර්තා වී තිබුනේ  20 පමණක් වූ අතර අද වන විට ඒම ප්‍රමාණය 48 දක්වා වැඩවී ඇති අතර ඒම දින 12 මරණ 28ක් වාර්තා වී තිබේ. පසුගිය දින දෙක තුලදී පමණක් දිනකට මරණ පහ බැගින් වාර්තා විය.

Social Sharing
නවතම