ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මවතේ ගෙන යාම සදහා ඒරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ ඒහි විශාල කාර්‍යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම ඒය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය අල්ලස, දූෂණයට, අපරාධයන්ට ඒරෙහිව නිර්භීතව තම රජකාරිය ඉටු කළ යුතුවා මෙන්ම, ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයින් මෙන්ම දේශපලනඥයින් අතින් සිදුවන දූෂණ අක්‍රමිකතාවයන් සම්බන්ධවද ඒකසේ කටයුතු කළ යුතුය.

නමුත් ඉහත මුලධර්ම හෝ ප්‍රතිපත්ති මත තම වෘත්තීය ගරුත්වය කෙලෙසා නොගනමින් කටයුතු කරනු ලබන මාධ්‍යවේදීන් අද අප රටෙන් සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා අමාරු කාරියකි. විවිධ දේශපාලඥයින්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ පටු ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් පමණක් කටයුතු කරනු ලබන මාධ්‍ය සමාජයක් රට තුළ නිර්මාණය වී තිබීම මත ඇත්ත යටපත් වී බොරුව සමාජගත වෙන තත්ත්වයක් මේ වන විට රට තුළ නිර්මාණය වී තිබේ.

සමහර දේශපාලඥයින් මෙන්ම, වාසි පැත්තට පනිමින් තම මඩි තරකර ගැනීමේ සූදූවක යෙදෙන මෙම මාධ්‍ය කේවට්ටයින්, තම හාම්පුතා විසින් ලබාදෙන මිනීමරුවෙක් අහිංසකයෙක් කිරීම හෝ අහිංසකයෙක් මිනීමරුවෙක් කිරීම දක් වූ ඔනෑම න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැගීමට සූදානම්ය.

මහජන දේපලක් වන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය සදහා භාවිතා කෙරෙන විද්‍යුත් සංඛ්‍යාත මෙසේ අවභාවිතාවය ලක්වීම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට අප රට තුළ නිර්මාණය වී තිබේ. 90 දශකයේ සිට මෙම මහජන දේපල කිසිදු වග වභාගයකින් තොරව මෙසේ පරිහරනය කිරීමට සෑම රජයක් වීසින්ම තම පටු ලාභ ප්‍රයෝජන සදහා ඉඩ අවස්ථාව ලබා දීම නිසා මේ තත්ත්වය ඉතා නරක අතට හැරී තිබේ. මෙම සංඛ්‍යාත භාවිතය සම්න්ධව චර්යාධර්ම හෝ නිර්ණායකයන් දශක දෙකක් තිස්සේ පත් වූ කිසිදු රජයක් විසින් සකස්කරනු නොලැබීය.

ලංකාවේ භාවිතා වන මෙම මාධ්‍ය භාවිතාව ගැන යම් කථා බහක් මේ වන විට ආරම්භ වී තිබේ. ඒ් හරහා මෙම මාධ්‍ය භාවිතය සම්බන්ධව සුදුසු වචනයක්ද සමාජ ගත විය. ඒය ජඩ මාධ්‍යය යනුවෙන් ජනප්‍රිය වී තිබේ. ජඩයා යන වචනයේ තේරුම පිළිබදව මට නිවැරදි අවබෝධයක් නොමැති වුවත් සමාන්‍යයෙන් අප භාවිතයේ දී ඒම වචන පාවිච්චි කරනුයේ මනුෂ්‍ය ගුණාංග කිසිවක් නොමැති මේලේච්ඡ පුද්ගලයන් සදහාය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සමහර රෝගීන් සම්බන්ධව මෙම මාධ්‍යහි වාර්තා කරණයන් දකින විට ඒම වචනය වඩා බර වචනයක් මේ මෙම මාධ්‍යවේදීන් සදහා යෙදිය යුතු යැයි ද සිතුනි.

ඒ කෙසේ වෙතත් අප රටේ මෙවැනි ජඩ මාධ්‍ය භාවිතාවක් පවතින මොහොතක ලෝකයේ බලවත්ම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකාවේ ඒහි බලවත්ම ධුරය හොබවන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට ඒරෙහිව ඒරට ක්‍රියාත්මක ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම තම මාධ්‍ය මූලධර්ම මත කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ සජීව ප්‍රකාශය නවතමින් ඔහු පවසන්නේ අසත්‍ය බවට ප්‍රකාශ කළාය.

ලංකාවේ මෙවැනි සිදුවීමක් අපට සිහිනයක් පමණි. පැත්ත ගියත් ඇත්ත කියන, සත්‍ය ප්‍රථමයෙන්, ගවේෂනාත්මක මධ්‍යකරණය වැනි විවිධ නම් වලින් හදුන්වන විශේෂයෙන් රූපවාහිනී නාලික පසුගියදා මෙම සමහර ප්‍රභල දේශපලාඥයින්ගේ නම් කියවීමට පවා දැඩි බියක් දැක්වීය. ඒම දේශපාලඥයින් සම්බන්ධව මහජනතාව නොබියව නම්, ගම් ඉදිරිපත් කරමින් තම විවේචනයන් ඉදිරිපත් කරන විටදී පවා ඔවුන්ගේ ඒම ප්‍රකාශණ විකාශණය කිරීමට පවා මෙම පැත්ත ගියත් ඇත්ත කියන මාධ්‍ය බිය විය. මෙම ජඩ මාධ්‍ය අපට බීප්… බීප්.. සංකෘතියක් නම් නිර්මාණය කර දුන්නාය.

ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් වයිට් හවුස් සිට තම ප්‍රකාශය සජීව කරගෙන යන මොහොතේ CNBC මාධ්‍ය ජාලයේ නිවේදක ෂෙපර්ඩ් ස්මිත් (Shepard Smith) “අපිට මේ විකාශයට බාධා කරන්න සිදුවෙනවා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කරන මේ ප්‍රකාශයෙන් වැඩි කොටස සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි,” යනුවෙන් සඳහන් කළේය.

“අපිට මේක දිගටම විකාශය කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද, ඒක ඇත්ත නෙවෙයි,” යනුවෙන් පවසන ෂෙපර්ඩ් ස්මිත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් නගන චෝදනා සනාථ කිරීම පිණිස සාක්ෂි නොමැති බව අවධාරණය කළේය.

ඒ අධිරාජ්‍යවාදී ඇමරිකාවේ මාධ්‍ය භාවිතාවයි. රජයේ ඉහලම නිලධාරියාගේ සජීවී විකාශණය අතරම නවතා ඔහු ප්‍රකාශ කරන්නේ අසත්‍යයක් බව ප්‍රකාශ කිරීමට ඒම මාධ්‍යවේදියාට කොන්දක් තිබුනි. අපිටත් මේ වළෙන් ගොඩ ඒමට නම්, ඒවැනි කොදු ඇට පෙලක් සහිත මාධ්‍ය වෘත්තිකයින් මේ මොහොතේ දැඩිව අවශ්‍යව තිබේ.

උපුටා ගැනීම – www.dailyreporter.lk/ජන-මාධ්‍ය-හා-ජඩ-මාධ්‍ය/

Social Sharing
නවතම විශේෂාංග