මේ මිය යන බහුතරයකගේ ආසන්නතම හේතුව කොවිඩ් නොවේ – විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

පළමු කොවිඩ් රැල්ල අවසාන වන විට මෙරටින් වාර්තා වී තිබුණේ මරණ 13 කි. නමුත් ඔක්තෝම්බර් 04 දා දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමත් සමඟ මේ වන විට වාර්තා වූ මරණ සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනකට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුයේ ඊයේ (11) සහ නොවැම්බර් 05 දාය. ඒ දිනකට පුද්ගලයින් පස් දෙනෙකු බැගින් මිය යාම නිසාය.

එමෙන්ම මේ වන විට මේ මිය බොහෝ දෙනා නිවෙස් වලම මිය යාමේ ත්ත්වයක් මතුව ඇති අතර මේ ගිය පිරිසෙන් වැඩිම වයස්ගත පුද්ගලයා වන්නේ 88 හැවිරිදි කාන්තාවකි. ලාබාලම පුද්ගලයා වන්නේ 21 හැවිරිදි තරුණයෙකි.

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත් ගිණිගේ මහතා පවසන්නේ මේ මරණ බොහෝමයකටම ආසන්න හේතුව කොවිඩ් නොවන බවයි. මන්ද මේ මිය ගිය අතිබහුතරයක් දෙනා පැහැදිලි හඳුනාගත් නිදන්ගත රෝගී තත්ත්වයක් පැවති අය බවත් ඒ් රෝගී තත්ත්වය උත්සන වීම නිසා මේ මරණ සිදු වී තිබු බවද ඔහු පවසයි.

විශේෂයෙන්ම ශිත සෘතුවකදී රෝගී තත්ත්වය වැඩි වෙන බවත් යුරෝපය, ඇමරිකාව වැනි රටවල් වල මේ දිනවල කොවිඩ් රෝගීන් බහුලව වාර්තා වන්නේ ඒ නිසා බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මේ මිය යන රෝගීන්ගේ මෘතදේහවල ශෛල වල වෛරසය පැවතිය හැකි බවත් එය එසේ නොවන බවට බැහැරලිය නොහැකි අතර ඒ නිසා මෙම වකවානුවේ මිය යන සියලුම පුද්ගලයින්ගේ මෘත දේහ ඥාතීන්ට බාර නොදී අදාහානය කරන බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කියා සිටියි.

එමෙන්ම මේ වන විට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මේ මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර ඇතැයිද ඔහු පවසයි.

කිහිප දෙනෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවලිය තවත් පොකුරක ආරම්භයක් විය හැකි බව අවධාරණය කරන ඒ මහතා කියා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් පුද්ගල වගකිම් ඉටු කරන ලෙසය.

ඔහු මේ තොරතුරු කියා සිටියේ අද (12) උදෑසන රජයේ නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

-ශානිකා-

Social Sharing
නවතම