කොළඹ නගරවාසීන්ගෙන් 5%කට කොරෝනා!

පසුගියදා කොළඹ නගරයේ සිදු කළ PCR අහඹු පරීක්ෂණ 400කින් 19 දෙනෙකු කොරෝනා ආසදිතයින් ලෙස තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

ඔහු පවසන්නේ එය ප්‍රථිශතයක් ලෙස 5%ක අගයක් ගන්නා බවත්, ඒ අනුව කොළඹ නගරයේ ජීවත්වන ලක්ෂ 6 අධික නාගරික වැසියන්ගෙන් 30,000ට පමණ කොරෝනා වැලදී ඇති බවට සැක කළ හැකි බවයි.

මෙම වසංගතය පැතිර ගියොහොත් ඉතා භයානක ප්‍රථිපලයන්ට මුහුණ දිය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින්  අනතුරු ඇගවීම් කළ ක්ෂේත්‍රයන් ලෙස සැලකෙන, නාගරික පැල්පත් හා තට්ටු නිවාස, වතුකරය, ධීවර ප්‍රජාව, බන්ධනාගර වැනි ක්ෂේත්‍ර සියල්ලන් වෙත මේ වන විට මෙම වෛරසය ඇතුල් වී තිබේ.

පසුගිය දා කොළඹ වැලිකඩ බන්ධානාගාරයෙන් කොරෝන වෛරසය වැලදුන රැදවියන් 7 දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරැව සිදු කළ පරීක්ෂණ වලින් තවත් බන්ධනාගර කිහිපයකින් ද වෛරස ආසාදිතයින් සොයාගත් බව වාර්තා විය.

දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය හා මරණ සංඛ්‍යාව දිනෙන් දින වේගයෙන් ඉහල යාම නිසා අපගේ රෝහල් පද්ධතියට මෙන්ම, සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය මේ වන විට තම උපරිම සීමාව වෙත ලගාවෙමින් පවතින බවත් ඒ සමගම වාර්තා වේ.

 

Social Sharing
නවතම