සෑම රෝගියෙකුගෙන්ම කොවිඩ් බෝවන්නේ නැහැ- මහාචාර්ය නීලිකා මලවිගේ

සෑම කොවිඩ් ආසාදිත රෝගියෙක්ගෙන්ම රෝගය බෝ නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මෙම රෝගය බෝ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ ශ්වසන තරලයේ පවතින වෛරස් ප්‍රමාණය මත බව ඇය කියා සිටියි. කොවිඩ් ආසාදිත ඇතැම්  පුද්ගලයින්ගේ  ශ්වසන තරලයේ ඉතා අඩු වෛරස් ප්‍රමාණයක් තිබෙන බවත් ඔවුන්ගෙන් තවත් තෙනෙකුට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය අඩු බවද එහෙත් ශ්වසන තරලයේ වෛරස් ප්‍රමාණය වැඩි පුද්ගලයෙකුගෙන් විශාල ලෙස රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව ඇති බවද ඇය පෙන්වා දෙයි.

එවැනි පුද්ගලයෙකු සමඟ වාතාශ්‍රය අඩු ස්ථානයක මීටරේ දුරින් සිටියත් රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩි බවද මහාචාර්යවරිය  පවසයි.

PCR පරික්ෂණ ඉතා සංවේදි පරීක්ෂණ වන අතර එය වඩාත් සුදුසු කොවිඩ් ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගේ කිරීමට බවත් ඇන්ටිජන් ටෙස්ට් සුදුසු වන්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින්ට බවද ඇය ප්‍රකාශ කරයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ හරි පරීක්ෂණය හරි අවස්ථාවේ සිදු කීරිම බව ඇය පෙන්වා දෙයි.

ඇමරිකාව, යුරෝපය වැනි රටවල මේ වන විට ඉතා දරුණු ලෙස මෙම  රෝගය ව්‍යාප්ත වන බවත් ඒ රටවල් සියල්ලම මේ වන විට මේ වෛරසයට ප්‍රතිකාර සොයා පර්යේෂණ කරන බවත් ඔවුන් පර්යේෂණ සිදු කර ප්‍රතිඵල සොයා ගන්නා තුරු නොසිට මෙයට මෙරටින්ද විසඳුමක් සෙවිය යුතු බව මහාචාර්යවරිය අවධාරණය කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම