බිලියන 643ක රණ් බඩු උගසට

වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ පසුගිය මාස 06 තුල -මහජනයා විසින් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන බව අද (09) දිනපතා අරුණ පුවත්පත වාර්තා කර තිබුණේය.

රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබෙන බවත් ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10%ක් දක්වා මහ බැංකුව විසින් අඩු කෙරුණු බවද ඒහි සඳහන් කර තිබු අතර එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා ඇතැයිද වාර්තා කර තිබුණි.

ඒමෙන්ම  මෙරට සෑම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් සිව් දෙනකුගෙන් එක අයකුම මේ වනවිට ණය ආපසු ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට  අනාවරණය වී තිබෙන බවත්  මහ බැංකු දත්ත වලින් පෙන්නුම් කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇතැයිද කියා ඇත.  ඒම ප්‍රවෘත්තියට අනුව 2020 දෙවැනි කාර්තුවේදී මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 15.7 ක් ආපසු ගෙවීම පැහැර හැර තිබේ.

මේ පුවතෙන් පෙන්වා දෙන්නේ රටේ ජනතාව මේ වන විට පත්ව ඇති ද්‍රරිද්‍රතාවයය. කොරෝනා ලංකාවට කළ විපතක බරපතලකමය. කොරෝනා පළමු රැල්ල පැමිණි පහුගිය මාර්තු මාසයේ සිට මෙරට ජනතාව ජිවත් වුයේ දැඩි ආර්ථික අපහසුතාවයකිනි. ඒ් මුලු රටම මාස දෙකක පමණ කාලයක් අක්‍රියව තිබීම නිසා සියලුම ආර්ථික මං පෙත් අවහිර වීම නිසාය.

මෙහිදි අඩුදායම්ලාභියාගේ සිට ධනවතා දක්වාම ඇද වැටුණි. පළමු කොවිඩ් රැල්ලේදි ජනතාවට නිදහස දුන් පළමු දිනේම පෝලීම් දික් වුයේ ගෙදරට ආහාර පාන ගැනීමට නොව , රත්තරං බඩු උකස් කඩ වලය. තමන්ගේ කරාබු දෙක, මඟුල් මුදුව, කර මාලය උකසට තබා බොහෝ දෙනා මුදල් ලබා ගත්තහ. ඒහිදි පෝසත් වුයේ රන්බඩු උකස් කඩවල්ය.

ඒමෙන්ම මෙහිදි බොහෝ දෙනාට බැංකු ණය, ලිසිං වාරික ගෙන ආවේ දැඩි පිඩාවකි. රජයෙන් යම්  යම් සහන ලබා දුන්නද ඒ්වා හැමෝටම ලැබුණේ නැත.

ඒවන් පසුබිමක රට යන්තම් හිස ඒසවීමට ආරම්භ කළා පමණි නැවත දෙවැනි කොවිඩ් රැල්ල පැමිණයේය. මෙයින් රජය මෙන්ම රටේ ජනතාවද තව තවත් ණය බරින් අගාධයට තල්ලු වි ගියහ. මේ වන විට ජනතාවට කොරෝනාවෙන් බේරිමට සටන් කරන්නා මෙන්ම තම ආර්ථික අහේනියෙන් ගෙඩඒ්මට සටන් කිරිමට සිදුව ඇත. නැතහොත් ඉදිරියේදි රටේ ජනතාවට සිදුවන්නේ මන්දපෝෂණයෙන් පෙළිමටය.

දිනෙන් දිනම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිලද ඉහළ යමින් ඇත. මෙය ජනතාවට දරාගත නොහැකි පිඩාවකි. ඉදිරියේදි ජනතාව මිය යන්නේ කොරෝනාවෙන් නොව මේ ආර්ථික අහේනිය නිසා වනු ඇත.

ශානිකා

Social Sharing
නවතම