සර් පෝඩියම් එකෙන් ඉවත් වෙලා මා එක්ක එන්න.

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ජාතික වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙක් වන මයිකල් මෝ විසින් ඔහුගේ මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා. ලෝක ප්‍රසිද්ධ Fahrenheit 9/11 නම් වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඔහුයි. එම සටහන බොහෝ දුරට සත්‍යයක් විය හැකියි. මෝ ට්‍රම්ප් දිගින් දිගටම දැඩි ලෙස විවේචනයට ලක් කළ අයෙක්. ගවේශනශිලී මාධ්‍යවේදියෙක්. ඔහුට රජයේ අභ්‍යයන්තර තොරතුරු පවා ලැබෙන බව ඔහුගේ සමාජ මාධ්‍ය ඇසුරු කරන විට පේනවා. මේ ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඡන්දය අවසන් අදියරේ දී පළ වූ ඡායාරූප පසුබිම් කරගෙන සටහනක්.

එහි සිංහල පරිවර්තනය මෙසේය.

ආරක්ෂක නිලධාරියෙක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනට කර,

ආරක්ෂක නිලධාරියා – සර්.. කරුණාකාර පෝඩියම් එකෙන් ඉවත්වෙලා මාත් එක්ක එන්න. දැන්ම.

ට්‍රම්ප් –  ආ…මොකක්ද? කව්ද ? මම ?

ආරක්ෂක නිලධාරියා – ඔව්. ඔබ. මාත් එක්ක දැන්ම එන්න. අනවශ්‍ය ක්‍රියාවක් සඳහා මට බලකරන්න ඉඩ තියන්න එපා. ඔබට මේ තත්ත්වය ඉතා පහසුවක් වේවි. සියල්ලම තව මොහොතකින් අවසන් වෙනවා.

මෝ ගේ සටහන.

ඒ සමගම ඔවුන් ජනාධිපතිවරයාව එතැනින් ඉවත් කරනු ලැබුවා. කිසිඳු ජනතා නැගී සිටීමක් නැහැ. දෙවන ව්‍යවස්ථාව සංශෝධනයක් සඳහා කිසිවෙක් ඔහු සමග සිටියේ නැත. ඔහුව වහාම ගොල්ෆ් ක්‍රිඩා පිටිය වෙත ගෙන ගිය අතර ඔහු එහි තනිව සිටිනු දුටුවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ දුරකතනයන්ට පිළිතුරු දුන්නේ නැත. ඔහු කෝපයට පත්වුනා. ඔහුට මේ දේ කළේ කව්දැයි දැඩිව සොයා බලන ලෙස ඉල්ලා සිටියා.

කළු ෆිලඩෙල්පියාව

කළු ඇට්ලන්ටා

කළු ඩෙට්රෝයිට්

කළු මිල්වව්කී

ලතිනියානු නෙවාඩා

ලතිනියානු ඇරිසෝනා

සහ මිත්‍ර පාක්ෂික සුදු නගරාසන්න ජනතාව.

තරුණ ප්‍රජාව ඉදිරියෙන්ම ඇමෙරිකාව පුරා ක්‍රියාකාරී වුනා. ස්ත්‍රීන් ඉතා සැහැල්ලුවෙන් එය ඉටු කරනු ලැබුවා. මියයන සහ මිය නොයායුතු ප්‍රජාවගේ පවුල් හා මිතුරන් වේදනා විඳිනු ලැබුවා ඔහුගේ බොරු නිසා.

බොරු.

වසර ගණනාවකට පසුවවත් ඔහු ඔහුව පරාජය කරනු ලැබුවේ තමන් විසින්ම ආවේශ කරනු ලැබූ මිලියන ගනන් ජනතාව බවත් ඔවුන් විසින් ඔහුව ගැලක නංවා ගෙදර යැවූ බව අවබෝධ කර නොගනු ඇත.

 

(මයිකල් මෝ ගේ මුහුණු පොත ඇසුරිනි)

Social Sharing
නවතම