මැකෝ යන්න හදන්නෙ ගුරු-විදුහල්පති වරුන්ට මැතිවරණ දීමනා නොගෙවාද?

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විශ්‍රාම යාමට සුදානම් වන්නේ මැතිවරණ රාජකාරි වල යෙදුන ගුරු – විදුහල්පතිවරුන්ගේ මැතිවරණ රාජකාරී දිමනා නොගෙවා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

අවසන් මැතිවරණය අගෝස්තු 05 වනදා පැවති අතර ඉන්පසු මැති ඇමතිවරුන් විශාල විශයෙන් පත් වූ බවත් නමුත් තවමත් එදා කොරෝනා මධ්‍යයේ මැතිවරණ රාජකාරියේ යෙදුන ගුරු-විදුහල්පතිවරුන්ට මෙතෙක් එම දිමනා ලබා දී නොමැති බව ඔහු පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එදා මැතිවරණයට පෙර ප්‍රකාශ කර සිටියේ මැතිවරණ රාජකාරී වලට නොපැමිණියොත් ඔවුන්ට බරපතල දඬුවම් කරන බවට විවිධ තර්ජනය කළ බවද ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

මෙය මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමක් බවත් නමුත් මාස තුනක් ඉක්ම ගියද තවම ඉටු වී නැතැයිද ඔහු චෝදනා කර සිටියි.

ඒ නිසා වහාම මෙම මැතිවරණ දිමනා ගෙවන ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම