පොලීසියට අපල කාලයක්?

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නව කොරෝනා පොකුර ආරම්භයත් සමඟ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින්ටද වෛරසය ආසාදනය වූ අයුරු අපට මතකය. මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු අංශ අතරින් පොලිසියද කැපී පෙනෙන සේවාවක් ඉටු කරමින් තිබුණි. පළමු කොරෝනා රැල්ලේදී මේ පොලිස් නිලධාරීන් මෙම වෛරසයට ගොදුරු වීම වැලකුණද මෙවර නම් එය එසේ වුයේ නැත.

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලා සේවකයෙකු කොරෝනා වැළඳීමත් සමඟ මුලු පොලිස් ස්ථානයම තාවකාලිකව වසා දමා සියලුම නිලධාරීන් නිරෝධායනයට ලක් කෙරුණි. නමුත් එහිදී කිසිදු පොලිස් නිලධාරියෙකු පොසිටිව් වුයේ නැත. එහෙත් වර්තමානය වන විට පොලිස් නිලධාරින් රැසක් මේ වෛරසයට ගොදුරු වෙමින් සිටිති.

කොටුව, වෙරළබඩ, බොරැල්ල, දෙමටගොඩ, ග්‍රැන්ඩ්පාස්, කොස්ගම ආදී පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරින් 222 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුව ඇත. මේ අතර මලලසේකර මාවත පිහිටි පොලිස් කාන්තා භට නිවස්නයේ සිටි පොලිස් කාන්තාවන් කිහිප දෙනෙකු සිටියි. මේ වන විට එහි සිටි පොලිස් නිලධාරිනියන් 184 කු  ස්වයං නිරෝධායනයට ලක් කර සිටියි.

එමෙන්ම මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 56 කටද  කොරෝනා වැලදිම නිසා රාජගිරිය, කලුබෝවිල ඇතුලු කඳවුරු තුනක් වසා දමා තිබේ.

දිවයිනේ පොලිස් ස්ථාන අතරින් තැනින් තැන කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින් හමු වූ නමුත් කොළඹ නගරයේ කොරෝනා ආසාදිත නිලධාරීන් පහුගිය දිනවල එක්වරම ඉහළ ගියහ. ඊට හේතු වී තිබුණේ මේ අගනුවරට සමීප සියලුම පොලිස් ස්ථාන වල මුලුතැන්ගෙවල් වලට මත්ස්‍යයින් මිල දී ගන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකිර්ණයෙන් වීම නිසාය. එමෙන්ම ඔවුන් එලවළු, පොල් ආදිය මිලදී ගනු ලබන්නේ පිටකොටුවේ  කැලැ පොලෙනි.

මේ වන විට පොලීසියට ලබා ඇත්තේ අපල කාලයක් කිවහොත් එය වරදක් නොවේය. මන්ද පහුගිය දිනවල හදිසියේම බියගම පොලිස් ස්ථානාධිපතිවරයා මිය ගියේය. සීගිරිය සංචාරක පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා හදිසියේම මිය ගියේය. අද ( 05) ආණමඩුව රථවාහන ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ව ඇත. මේ අතර කො‌රෝනා අත්අඩංගුවටද  පොලිසිය පත්ව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම