“ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් විය යුත්තේ සෞඛ්‍යට, දැනටමත් එය අඩු කරලා”

2021 අයවැය කෝවිඩ් මුලික කර ගනිමින් සිදු කරන අය වැයක් විය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි.

දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව එය එසේ නොවන බවත්, නිදසුනක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති මුදල 2021 දී අඩු කර ඇති බවත් ඇය පවසයි.

නමුත් එය එසේ විය නොහැකි බවත්, කොවිඩ් වසංගතයට අප අවුරුදු දෙක තුනක් මුහුණ දිමට සිදුවන්නේ නම් මෙහි වැඩිම මුදල් වෙන් විය යුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බවත් ඉදිරි අවුරුදු දෙක තුනට සැලසුම් සැකසිමේදී කෝවිඩ් කේන්ද්‍ර කර ගනිමින් සිදු විය යුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රිනි මහාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය  පවසයි.

ඉදිරි මාස කිහිපය හෝ අවුරුදු කිහිපය අපට අභියෝගාත්මක වනු ඇතැයිද එය භාරගෙන හරි නායකත්වය දී එකිනෙකාට සහයෝගය දැක්විය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම