මොණරාගල බන්ධනාගරයේ නිලධාරීන්ගේ පහර දිමෙන් සැකකරුවෙකු මරුට

මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (03) උදෑසන 7.00 ට පමණ සිදු කළ පහර දිමක් හේතුවෙන් එම සැකකරු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි උපුල් නිලන්ත නම් හතලිස් හැවිරිදි අයෙකි. ඔහුගේ අනවර්ථ නාමය වන්නේ මැක්කාය .

සොරකමක් සම්බන්ධයෙන් මොහු අම්පාර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඉකුත් 28 දා අධිකරණය වෙත ඉදිරිපත් කීරීමෙන් අනතුරුව දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එහිදී මොහුව ගෙනවිත් ඇත්තේ මොණරාගල බන්ධනාගාරයටය.

ඊයේ (03) උදෑසන මෙම රැඳවියා සිටි සිර මැදිරිය වීවෘත කිරිමට බන්ධනාගාර නියාමකවරයෙකු ගිය අවස්ථාවේ මොහු එම නිලධාරියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බව පැවසේ. එහිදී මොහු නිලධාරියාට ගලකින් පහර දී ඇති බවත් එහිදී තවත් නියාමකවරුන් දෙදෙනෙකු පැමිණ රැඳවියාට පහර දීම හේතුවෙන් තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

-ශානිකා-

Social Sharing
නවතම