එක්සත් ජනපද ජනාධිපතිවරණය : කරට කර සටනක්

එක්සත් ජනපද ජනාධීපතිවරණයේ ප්‍රථිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇත. මෙතෙක් නිකුත් කර අත ප්‍රථිඵල අනුවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නිකුත් කරන පුරෝකථන ප්‍රථිඵල අනුවත් මෙවර එක්සත් ජනපද ජනාධිපතිවරණයද අපේක්කෂකයන්ර දෙදෙනා අතර කරට කර සටනක් බවට පත් වී තිබේ.

මෙතෙක් නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව ජනාධීපති ට්‍රම්ප් ඉදිරියෙන් සිටියද ඡන්ද විද්‍යාල ආසන අනුව ජො බයිඩන් ඉදිරියෙන් සිටී. එක්සත් ජනපද ජනාධිපතිවරයා තේරී පත් වන්නේ ඡන්ද විද්‍යාලයේ බහුතර ඡන්දයෙනි. පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ඡන්ද අනුව සිටියේ හිලරි ක්ලීන්ටන්ට වඩා පහළින් වුවත් ඡන්ද විද්‍යාලයේදී ඔහු ඉදිරියෙන් සිටින ලදී.

මේ වන විට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව බොහෝ ප්‍රාන්තයන් අපේක්ෂකයන් ජය ගන්නේ කරට කර සටනකින් පසුව ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.

කෙසේ නමුත් ඡන්ද විද්‍යාල ආසන ඉහළ ප්‍රමාණයක් හිමි ෆ්ලොරිඩා, පෙන්සිල්වේනියා, ටෙක්සාස්, ජෝජියා, වර්ජිනියා යන ප්‍රාන්තයන්ගේ ජය ජනාධිපති ට්‍රම්ප්ට හිමි වන බවට මේ වන විට පුරෝකතන ඉදිරිපත් වී ඇත.

මේ වන විට නිකුත් කර ඇති නිව්යෝර්ක් ටයිම්ස්, ඇසෝසියේටඩ් ප්රෙස් තහවුරු කර ගත හැකි පුරෝකතනයන්ට අනුව මේ වන විට නිකුත් වන ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 209 ක් ජො බයිඩන් හිමි කර ගෙන ඇති අතර, අසන 112 ක් ජනාධීපති ට්‍රම්ප් හිමි කර ගෙන ඇත.  එක්සත් ජනපද ජනාධීපතිවරණයෙ ජයග්‍රහණයට ඡන්ද විද්‍යාල ආසන 270 ක් ලබා ගත යුතුයි.

-දුලාන්-

Social Sharing
නවතම විදෙස්