වසංගතයට බිලි වූවන්ට අපහාස කිරීමෙන් ලංකාදීප ඉදිරියෙන්…

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පසුගිය මාසයේ  වැඩිම වාර ගණනක් ශිෂ්ට සම්පන්න නොවන වචන භාවිත කිරීමේ චෝදනාව ලංකාදීප පුවත්පතට එල්ල වී තිබේ.

වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ EthicsEye කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ  2020 ඔක්තෝබර් 01 සිට 23 දක්වා කාලය තුළ තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ පළවූ කොවිඩ්-19 හා සම්බන්ධ ශිෂ්ට සම්පන්න නොවන, නිෂේධනාත්මක යෙදුම් දක්නට ලැබුණු වාර ගණන අනුව එම තීරණයට එළඹී බවයි.

එහිදී “කොරෝනා කත”, “කොරෝනා සුද්දා”, “කොරෝනා මනමාලි” වැනි, යෙදුම් සලකා බලා ඇති බව එහි වැඩි දුරටත් සදහන්ය.

ලංකාදීප, අරුණ, දිවයින, මව්බිම හා දිනමිණ යන පුවත්පත් පහ පදනම් කරගනිමින් සිදු කර තිබෙන සමීක්ෂණය  අනුව අදාල කාලය තුලදී රට තුල වැඩිම අලෙවියක් ඇති සේ සැලකෙන ලංකාදීප පුවත්පත නම වතාවක් කොවිඩ් වාර්තාකරණයට අදාල කොන්කිරීමේ යෙදුම් භාවිත කර තිබෙන අතර එම කාලය තුලදී අරුණ පුවත් පත එවැනි යෙදුම් භාවිත කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.

දිවයින සහ මව්බිම යන පුවත්පත් දෙක එම කාල සීමාව තුලදී  කොවිඩ් වාර්තාකරණයට අදාල කොන්කිරීමේ යෙදුම් අවස්ථා එක බැගින් වාර්තා කර තිබෙන නමුත් දිනමින පුවත්පත එකදු අවස්ථාවක හෝ එවැනි යෙදුමක් භාවිත කර නොමැති බව EthicsEye පෙන්වා දෙයි.

veritas sri lanka

Social Sharing
නවතම