මැකෝ ගෙදර යයි.

මැතිවරණ කොමිෂන් සභාවේ  සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත්, සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුයේ ඉකුත් ජනාධිපතිවරණයේ සියලු මැතිවරණ රාජකාරී අවසන් කිරිමෙන් පසුවය.

එහෙත් ඔහුට නික්ම යාමට නොහැකි විය. තවදුරටත් එම තනතුරේ රැදී සිටින්නට සිදු විය. ඒ ඔහුගේ විශ්‍රාම දිවිය සම්පර්ණ වන තෙක්ය. ඒ දිනය දැන් එළැඹි ඇත. ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ මස අගදී ඔහුගේ ධුර කාලය අවසන් වීම නිසාය. මේ වන විට ඔහු මැතිවරණ කාර්යාලයේ සිය කාමරයේ ඇති සියලු දේ තෝරා බේරා වෙන් කරමින් සිටියි. ඒ තමන්ගේ සමුගැනිමට අවැසි දෙයක් පමණක් රැගෙන යාමටය.

මහින්ද දේශප්‍රිය මහතා සිනාමුසු මුහුණින් වූව කිව යුතු දේ සෘජුව පවසන පුද්ගලයෙක් වන අතර විටෙක ඔහුගේ කථා රසවත් වූ හෙයින් ඔහු වටා එක් රොක් වූ රසිකයින් පිරිස විශාලය. ඒ ඔහු අව්‍යාජව උපයාගත් දේය.

1983 ජුලි 01 දා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණ පළවෙනි ඡන්ද විමසිම 1984 ඉඳන් අතුරු මැතිවරණ, පළාත් සභා මැතිවරණ රාශියක් සිදු ගානක් මිම්මක් නොමැතිව සිදු කල බව ඔහු අදටත් සිහිපත් කරන්නේ ඉතා ආදරණියවය.

ඒ අනුව දැන් වසර 37 ක් මෙහි සේවය කර තිබෙන අතර මැතිවරණ කොමිසමේ සභාපතිධුරය අවසන් එකය.

1998 ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්ව සිටියදී යාපනය තේරීම්භාර නිලධාරී ලෙස වැඩ කළ බවත් ඒ නිසා මේ ඡන්ද විමසීමේ නොකළ රාජකාරියක් නැති බවත් මෙම දෙපාර්තමේන්තුවට එන්න පෙර එස්.පි.ඕ කෙනෙක් ලෙස සේවය කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි පසු 2003 සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ තමන් බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටින්නේ රාජ්‍ය සේවයෙන් ලද තෘප්තියෙනි.

පහුගිය 22 දා පාර්ලිමේන්තුවේදි සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ මැතිවරණ කොමිසම අහෝසි විය. ඒ වෙනුවට නව පංච පුද්ගල කොමිසමක් පත් වීමට නියමිතය.

-ශානිකා-

Social Sharing
නවතම