“රට විරුවන්” අමාරුවේ දමා නිලධාරීන් ලංකාවට

කොරෝනා වසංගතය ආරම්භවන විට මැදපෙරදිග කළාපය ඇතුළු රටවල් 16 ක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හී කම්කරු සුභසාධන අංශයේ සේවය කරනු ලැබූ නිළධාරීන් 126 අතරින් මේ වන විට 107 දෙනකු විවිධ හේතූන් මත මෙරටට කැඳවා ඇත. සංක්‍රමණික ශ්‍රමිකයින් විශාල වශයෙන් අපහසුතාවයන්ට පත්වන මෙවැනි වකවානුවකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලාභ නොලැබීම හේතුවෙන් යැයි පවසමින් මෙම නිළධාරීන් නැවත කැඳවීම සිදුකර ඇත.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටළු හඳුනන හා පලපුරුද්ද ඇති නිළධාරීන් නොමැති වීම හේතුවෙන් විශේෂයෙන්ම මැද පෙර දිග කළාපයේ ශ්‍රමිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

පසුගිය වසර පහක මහ බැංකු වාර්ථා අනුව විදෙස්ගත ශ්‍රමිකයින් විසින් වාර්ෂිකව රුපියල් බිලියනක මුදලක් මෙරට ජාතික ආර්ථිකයට ලබාදී ඇත මෙවැනි පසුබිමක් තුල වසංගත තත්ත්වයකදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවා සිටි නිළධාරීන් කැඳවීම අසාධාරණ මෙන්ම රජය විසින් මෙම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දක්වන මැදිහත්වීම ඉතා අල්ප බව මේ තුලින් පැහැදිළි වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2020 වර්ෂයේදී යම් පාඩුවක් ලැබූවද 1991 කුවේට් වන්දි මුදලින් මේ වන විටත් රුපියල් බිලියන තුනක් ඉතිරිව ඇති බැවින් එම මුදල් යොදවමින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් දැක්වූ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට තරම් ආණ්ඩුව ජනතාවාදී නොවීම රට විරුවන් වශයෙන් හැඳින්වූ විදෙස් ගත ශ්‍රමිකයින් විමතියට පත්කර ඇත.

Social Sharing
නවතම