ඇමරිකානු හා චීන නියෝජිතයින්ගේ හදිසි කඩා පැනීම

ඇමරිකානු ජනාධිපතිවරණයට ලබන නොවැම්බර් 3 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ඊට දින 5ක් තිබිය දී කොරෝනේ වසංගතයෙන් විශාල ලෙස පීඩාවිදන රටක් ලෙස සැලකෙන ඇමරිකාව, ඒහි තර්ඩ් ඉන් කමාන්ඩර් ලෙස සැලකෙන  රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු රටවල් 4කට පැමිණීම සම්බන්ධව විශාල සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.

මයික් පොම්පියේ මහතා පසුගිය ඔක්තෝබර් 28 වන දින ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවට ගොස් තිබුනු අතර, ඔහුට අමතරව, ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයාද ඒම සංචාරයට ඒක්ව තිබුනි. ඒහි දී ඉන්දියාව ඇමරිකාව සමග වෙලද ගිවිසුම් කිහිපයක් ද අත්සන් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබුනි.

පොම්පියේ මහතා ලංකාවට පැමිණීමට දින කිහිපයකට උඩදී චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම චීන රජයේ ප්‍රධානියෙකු වන යැං ජියෙෂි ඇතුලු දූත කණ්ඩායමක් මෙවැනිම හදිසි සංචාරයක යෙදුනු අතර, ඔවුන් පැමිණියේ කුමණ කාරණයක් සදහා ද යන්න තවමත් ප්‍රකාශ වී නොමැත.

මේ රාජ්‍ය නායකයින්ගේ පැමිණීම සම්බන්ධව රටේ පුරවැසියන්ටත් වඩා ඒ රටවල් දෙකේ නායකයින් කලබලයට පත්වී තිබුනි. චීනය දූතයින් ඒන විට ඇමරිකාවත්, ඇමරිකා දූතයින් පැමිණෙන විට චීනයත් ඒකිනෙකාට ඒරෙහිව  විරෝධය ප්‍රකාශ කරමින් නිවේදන පමණක් නොව ටුවිටර් පණිවුඩද නිකුත් කර තිබුනි. කිසියම් රටක නියෝජිතයෙක් වෙනත් රටකට පැමිණෙන විට තවත් රටක් ඊට විරෝධය පා ප්‍රකාශ නිකුත් කිරීමක් මින් පෙර අප දැක නොතිබුනි.

මින් පෙනී යන්නේ මේ දෙරටේම දේශපාලණ න්‍යාය පත්‍රයන්ට අප කොටු වී ඇති බවයි. හම්බන්තොට වරාය දැනටමත් චීනයට පවරා තිබේ. ඒමෙන්ම, අගනගරයේ ඉතා වටිනා භුමි සෑහෙන ප්‍රමාණයක් ද දැනටමත් චීනය සතුව තිබේ. කොළඹ වරායේ ද ජැටි කිහිපයක් දැනටමත් ඉන්දියාව හා ජපානය සතුව තිබේ. ඇමරිකාව පවසන්නේ චීනය විසින් ශ්‍රී ලංකාව ඉතා සුක්ෂමව ණය උගුලක පටලවා ඉන් දේශපාලන වාසි ලබා ගනිමින් සිටිනා බවයි. චීනය පවසන්නේ දෙරට සමග කරනු ලබන ව්‍යාපාර සදහා ඇගිලි නොගසන ලෙසයි.

කෙසේ වෙතත්, පසුගිය රජයනුත්, වර්තමාන රජයත් මේ රාජ්‍යයන් සමග ගෙන යන සෙල්ලම නිසා අප ඉතා අවධානමට ලක්වී තිබේ. ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදි වූ අසරණ රටක් බවට අප පත්වෙමින් තිබේ. මේ තත්ත්වය තේරැම්ගෙන අනාගතයේ දී අප සිහි බුද්ධියකින් කටයුතු නොකලොත් අප රට විශාල විනාශයකට පත්වීම වැලැක්වීමට කිසිවෙකුට නොහැකි වනු ඇත.

 

 

Social Sharing
නවතම විදෙස්