චීනයද ? ඇමරිකාවද ? ලංකාවේ තීරණය දැනගන්න පොම්පියෝ දිවයිනට.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය පස් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (26) ඉන්දියාවට පැමිණියා.

ඉන්දිය අගමැති හමුවීමෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

වසර 16කට පසුව ඇමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙම කලාපය තුල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනවා.

අද (27) දහවල්  ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත අතර පසුදින දක්වා රාජ්‍ය ලේකම්වරයා මෙරට රැඳී සිටීමට නියමිතය.

චීනයද ? ඇමරිකාවද ? ලංකාවේ තීරණය දැනගන්න පොම්පියෝ දිවයිනට.

Social Sharing
නවතම