කටාර් හාම්පුතුන්ගෙන් ගෘහ සේවිකාවන්ට අතවර…

ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) ආයතනය විසින් සිදුකරනු ලැබූ සමීක්‍ෂණයකින් කටාර් රාජ්‍යයේ සේවය කරනු ලබන ගෘහ සේවිකාවන්ට සිය හාම්පුතුන් වෙතින් අතවර සිදුවන බව අනාවරණය වී ඇත.

කටාර් රාජ්‍යයේ විදේශීය ගෘහ සේවිකාවන් 173000 ට අධික ප්‍රමාණයක් සේවය කරන අතර ඉන්  150 පමණ පිරිසක් සමඟ සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක් මගින් මෙම තොරතුරු ලබාගෙන ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සේවා කොන්දේසි මත සිට කටයුතු කිරීමට සිදුවීම මෙන්ම කිසිසේත් දිනක නිවාඩුවක් නොලැබෙන බවත් තම ගමන් බලපත්‍රය හාම්පුතා විසින් රඳවාගෙන සිටින බැවින් තමන් ඉතා අසරණවී ඇති බව සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ කාන්තාවන්ගෙන් 85% ප්‍රකාශ කළ බව වැඩි දුරටත් ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත. මේ වන විට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්  50000 ක් පමණ කටාර් රාජ්‍යයේ සේවය කරයි.

Social Sharing
නවතම