දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලීමට විපක්ෂයේ මන්ත්‍රීවරු 5 එක් වේ

මරණ දඩුවමට ලක්වී සිටින දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුපක්ෂයේ මන්‍ත්‍රීවරු හැත්තෑවකට වැඩි පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ලිපියට විපක්ෂයේ මන්ත්‍රී පිරිසක ද සහාය ලැබී ඇතැයි පැවසේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙම ලිපියට දැනට අත්සන් කර ඇති බවට වාර්තා වන අතර, එම මන්ත්‍රීවරුන් අතරින් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් වන මනෝ ගනේෂන් හා පලනි දිගම්බරන් යන අයද මෙම ලිපියට අත්සන් තබා ඇති බව නිවුස් වයර් වෙබ් අඩවිය සදහන් කරයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් දුමින්ද සිල්වාට මහාධිකරණය විසින් ලබාදුන් මරණ දඩුවමට අභියෝග කරමින් ඔහුගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයටත් ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබුනත්, එම පෙත්සම් දෙකම නිශ්ප්‍රභාකරමින් මහාධිකරණ විසින් ලබා දුන් තීන්දුව අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුත් අනුමත කර තිබුනි.

 

 

Social Sharing
නවතම