මධුෂ්ක ශානි යටතේ හිටියේ මාස 6යි. අවුරුද්දක් හිටියේ වෙනත් නිලධාරීන් යටතේ..!

2019 මැයි 5 වනදා සිට 2020 ඔක්තෝබර් 18 දක්වා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙ යටතේ තබාගෙන අවුරැදු 11/2 සම්පුර්ණ වෙන්න දින කිහිපයක් තිබිය දී මධුෂ්කට මෙවැන්නක් සිදුවීමක් වීම මම විශ්වාස කරනව ඝාතණයක් කියලා. තමන්ගෙ සැමියාව මරා දැමූ බවත් මෙම මරණය ගැන තමන්ට සැක සහිත බවක් ඝාතනයට ලක්වූ සංවිධානාත්මක පාතාල අපරාධකරුවෙක් වන මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි පැවසෙන තිළිණි නිෂායා සඳහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන්නේ මාධ්‍යවේදීන් චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකචඡාවකදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මධුෂ් සම්බන්ධව පරීක්ෂණ සිදුව කළේ නැහැ කියල චෝදනාවක් එල්ල වෙනවා. ශානි අබේසේකර මහත්මයාටයි ඒ චෝදනා එල්ල වෙන්නෙ. ශානි මහත්මයා යටතේ මේ පරීක්ෂණ සිදු වන්නේ මාස 6යි. ඊට පස්සෙ අවුරුද්දක් පමණ පරීක්ෂණ සිදුවන්නේ වෙනත් නිළධාරීන් යටතෙයි.

ඔක්තෝබර් 26 දිනට මධුෂ්ව රදවාගැනීමේ නියෝගයට අවුරැදු 11/2ක් සම්පුර්ණ වීමට නියමිතව තිබූ බවත්, ඉන් පසුව මධුෂ්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට නියමිතව තිබුන බවත්, ඊට දින කිහිපයකට පෙර මෙවැන්නක් සිදුවීම අභිරහසක් බවත්, මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.

මේක මිනීමරුමක්,  නමුත් මම මේ පස්සෙ යන්නෙ නැහැ. එහෙම ගියොත් මට වෙන දේ ගැන මම හොදින් දන්නවා. අපේ ලොකු දරුවට අවුරැදු 18ක්. පොඩි දරුවට අවුරැදු 3යි. මගේ දරුවො තුන්දෙනා හදාගෙන හොදින් ජීවත් වෙන්න මට ඕන. ඒ නිසා මම මේක පස්සෙ පන්නන්නෙ නැහැ.

Social Sharing
නවතම