අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 53 දෙනාටම ඇප.

අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ඇමරිකා එක්සත් ජනපදයේ පොලීසිය විසින් ජෝජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් පැවත්වූ විරෝධතා වලදී පොලීසිය විසින් අතඅත්අඩංගුවට ගත් 53 දෙනාටම ඇප නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පියවර ගෙන තිබේ. ඒ පොලීසිය විසින් ඔවුන්ව අද රාත්‍රියේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් මෙම පිරිස වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතීඥවරුන් 30කට අධික පිරිසක් පෙනී සිට ඇත.අත්අඩංගුවට ගත් පිරිස අතර නීතීඥ නුවන් බෝපගේ මහතාද විය.

ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් ඇරඹි විරෝධතා රැල්ල මේ වන විට එක්සත් ජනපදයෙන් ඔබ්බට ගොස් ලෝකය පුරාම පැතිර ගොස් තිබේ. ලංකාවෙ පැවැති උද්ඝෝෂණ දෙකටම පොලීසිය විසින් ම්ලේච්ඡ ආකාරයෙන් මැදිහත් වන අයුරු මාධ්‍ය වාර්තා කරන ලදී.

Social Sharing
නවතම