පබා ගිය මඟ ගිය ඩයනා

මෙරට දේශපාලනයේ මහත් ආන්දෝලනයක් ඇති කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයකින් ඊයේ (22) රාත්‍රියේ සම්මත වුයේ සියලු ප්‍රජාත්‍රන්තවාදී කඳවුරු බිඳ දමමිනි.  මෙහිදී  20 ට ප්‍රසිද්ධියේ විරෝධය දැක් වූ පුද්ගලයින් පවා පාර්ලිමේන්තුව තුලදී 20 ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබු අයුරු දැක ගත හැකි විය.

මෙම ඡන්ද ප්‍රකාශ කිරිමේදී සුවිශේෂි සිද්ධිය වූයේ සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් වන ඩයනා ගමගේ මහත්මියද ආණ්ඩුවට සහාය පළ කරමින් 20 ට පක්ෂව ඡන්දය ලබා දීමය. සමගි ජනබලවේග පක්ෂයෙන්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇය දියවන්නාවට  ගියේ ජාතික මන්ත්‍රි ලැයිස්තුධුරයකිනි. ඒ නිසා ඇය මෙලෙස තම පක්ෂයට පිටුපෑම පිලිබඳ සමගි ජනබලවේගය දැඩි ලෙස අප්‍රසාදය පළ කර සිටියි. තවද ඇය ආණ්ඩුවෙන් වාසි, වරප්‍රදාන  ලබාගෙන 20 ට සහාය පළ කළ බව බොහෝ දෙනා චෝදනා කර සිටිති.

එමෙන්ම පක්ෂය  විසින් ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර සිටියි.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ පවසන්නේ  තමන් කිසිදු ලාභ අපෙක්ෂාවකින් තොරව 20 ට සහාය පළ කරමින් ඡන්දය දුන් බවය. තමන් ආණ්ඩුවෙන් සල්ලි නොගත් බවත් හැකි නම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ඇය ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවෙන් නික්ම යන අවස්ථාවේ මාධ්‍ය අමතා පවසා සිටියාය.

මෙහිදී මාධ්‍යවේදින් විමසා සිටියේ ජාතික ලැයිස්තුවෙන් පැමිණ මේ සිදු කළ ක්‍රියාව සුදුසුද යන්නය. එහිදී ඇය ප්‍රකාශ කරනු ලැබුයේ තමන් සමගි ජනබලවේගයේ උප ලේකම්වරිය බවත් පක්ෂයේ මහ ලේකම්වරයා මොණරාගලට වී සිටියදී තමන් පක්ෂය වෙනුවෙන් සියලුම මැතිවරණ කටයුතු මැතිවරණ කාර්යාලය හා එක් වී කළ බවත් එවන් පසුබිමක තමන්ට මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට වේලාවක් නොමැති බවත්ය.

කෙසේ නමුදු සමගි ජනබලවේගයේ උප ලේකම්වරිය වූ ඩයනා ගමගේ දැන් සිය පක්ෂයට, පාක්ෂිකයින්ට පිටු පා ගොසිනි. මෙහිදී  සිහියට නැගෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා ද එක්සත් ජාතික පක්ෂයේ මනාප වලින් පාර්ලිමේන්තුවට පැමිණ අවසානයේ ආණ්ඩුවට හේත්තු වු අයුරුය.

තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂ මනාප වලින් බව අවසානයේ පබාට අමතක විය. දැන් ඩයනා ගමගේට ද සිදුව ඇත්තේ එයම නොවේද?

-ශානිකා- 

 

Social Sharing
නවතම