විපක්ෂයේ මුස්ලිම් මන්‍ත්‍රීවරැන්ගේ සහායෙන් 20 සම්මතයි

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී 20ට පක්ෂය ඡන්ද 156 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. ඒ් සදහා රජයට විපක්ෂයේ මන්ත්‍රීවරු 8කගේ සහාය ද ලැබී තිබුනි. 20ට විරුද්ධව ඡන්ද 65ක් ලැබී තිබුනි. ඊයේ පාර්ලිමේන්තුවට මන්‍ත්‍රීවරු 213 දෙනෙකු පැමිණ සිටි බව වාර්තා වූ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ඇතුලු ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති බවත් වාර්තා විය.

විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරැන්ගේ සහාය ඊයේ නොලැබෙන්නට ආණ්ඩුවට 20 වන සංශෝධනයට තුනෙන් දෙක ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඊයේ 20ට සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන්නේ සමගි ජන බලවේගය නියෝජනය කළ ඩයනා ගමගේ, අරවින්ද් කුමාර්, ඉෂාක් රේහෙමාන් ද, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කළ නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික් සහ මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කළ ඒ.ඒ.එස්.එම්. රහීම් ඒම 8 දෙනාය. මේ අනුව විපක්ෂයේ සිටි මුස්ලිම් මන්‍ත්‍රීවරැ 6කගේ සහාය රජයට ලැබී තිබේ.

සිංහල බෞද්ධ ජාතික බලවේගයන්ගේ කරපිටින් පැමිණි වත්මන් රජයේ විසින් ගෙන ඒනු ලැබූ මෙම 20 වන සංශෝධනය සදහා ඒම ජාතික බලවේගයන් වෙතින් දැඩි විරෝධයක් ඒල්ල විය. මේ සම්බන්ධව ත්‍රෙයිනිකායික හිමිවුරුන්ද, කතෝලික සභාවද, වර්තමාණ ආණ්ඩුව ගෙන ඒ්මට දැඩි කැපවීමකින් කටයුතු කරනු ලැබූ නායක ස්වාමීන්වහන්සේලාගේ ද දැඩි විරෝධයක් ඒල්ල විය.

Social Sharing
නවතම