20 ‌ට පක්ෂව ඡන්දය දෙන අයට ඉදිරියේදි බැට කන්න වේවි – බාකීර් මාකර්

මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රජාතන්තවාදයට සිදුවීමට යන අනතුර ඉතාම ප්‍රසන්න ආකාරයෙන් වසං කීරිමට, අලංකාරවත්ව  අධිකරණ අමාත්‍යවරයා කථා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු නිදහස් රටක ප්‍රජාත්‍රන්තවාදය තහවුරු කරන නීති පද්ධතියේ අත්තිවාරම බවත් රටක පුරවැසියාගේ අයිතිවාසිකම් ගලාගෙන ඒන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන උල්පතෙන් යැයිද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය දුන්නොත් 2/3 ක්ම හිමි වන්නේ මේ සංශෝධනයට විරුද්ධව බවද මන්ද යත්  මේ දෙන ඡන්දයෙන් රටටවත්, ඔබටවත්, අගමැතිවරයාටවත් හොඳක් නොවන හොඳින් දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මහතා කියයි.

තමන් අගමැතිවරයාගේ දේශපාලන ගමනට ඒකඟ නොවනමුත් ඔබ සියලු දෙනා බලයට ඒ්මට ඔහුගේ ජනප්‍රියතාවය බලපෑ බවත් ඒය අමතක නොකරන ලෙසද ඔහු කියා සිටියි.

ඒහෙත් මේ සංශෝධන වලින් අගමැතිවරයා හෑල්ලුවට ලක් කර තිබෙන අතර අගමැතිවරයාත් හදවතින්  සිටින්නේ තමන් සමඟ යැයි තමන් විශ්වාස කරන බවද ඒ් මහතා පවසයි.

අද 20 ට පක්ෂව අත් ඔසවන අයට තමා ඉදිරියේදි ඒ්වායින් බැට කන්නට සිදුවන්නේ යැයිද අවධාරණය කරන ඔහු කියා සිටින්නේ මෙය කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු දෙයක් නොවන බවය. මන්ද? මේ අවස්ථාවේ ජනතාව කොවිඩ් 19 වෛරසයෙන් පීඩා විඳින බවත් ඒ් සම්බන්ධයෙන් කථා කිරිමට පාර්ලිමේන්තුව රැස් කළ යුතුව ඇතැයිද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

19 දුර්වලකම් තිබේනම් අප ඊට ඉදිරිපත් කරන විසඳුම් ඊටත් වඩා ප්‍රජාත්‍රන්තවාදී විය යුතු බවත් ඒසේ නොමැතිව අධිපතිවාදි ගමනකට සංශෝධන ඉදිරිපත් විය යුතුව නැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිටියාස් බාකීර් මහතා පවසයි.

මේ 19 සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා පත් කිරිමට ප්‍රථම ඒදා වයඹ පළාතේදි කාන්තාවන් නිරුවතින් ඇවිද්ද වු බව සිහිපත් කළ මන්ත්‍රීවරයා කියි සිටියේ ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමෙන් පසු ඒ් කිසිවක් සිදු නොවු බවද කියා සිටියේය.

ඒක් දිනක් 5/6 ක ජනාධිපතිවරයෙකුගේ ගමනකට විරුද්ධව වත්මන් කථානායකවරයාද පියවරක් ගත් බව සිහිපත් කළ ඔහු කියා සිටියේ ඒදා ඔහු ගත් ඒ් අභීත, නිර්භිත තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින අනෙක් මන්ත්‍රීවරුන්ටත් ආදර්ශයකට ලන්නා ලෙසද  ඉල්ලා සිටියේය.

මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදිය.

 

Social Sharing
නවතම