2019 වගේ පරණ පාරේ ගියොත් අපි නැවත පරදිනවා! – රනිල්

එක්සත් ජාතික පක්ෂයට 2019 වසරේ මෙන් පරණ ප්‍රතිපත්ති අනුව යා නොහැකි බවත් ඒ පරණ පාරේ ගියහොත් තම පක්ෂය නැවත වතාවක් පරාජය වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ නිසා ඒ ප්‍රතිපත්ති මේ කාලයට ඔබින විදිහට සකසාගෙන ඉදිරියට යා යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

“පොහොට්ටුව” ලකුණින් පොදු ජන පෙරමුණ ඉදිරියට ආවා සේම එක්සත් ජාතික පක්ෂයටත් “අලියා” ලකුණින් තරඟ කර ජය ගැනීමට මහජනතාව මෙහෙය වීමේ හැකියාව ඇති බවත්  2015 ජනවාරි මාසයේ ජාතික ආණ්ඩුවක් සෑදීම සඳහා තමන්ට වරමක් ලැබුණු බවත් එකල තම පක්ෂයට බලයට තරඟ කිරීමට උවමනාවක් නොවු බවද ඒ මහතා  කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කීහ.

Social Sharing
නවතම