එක්සත් රාජධානියේ LTTE තහනම ඉවත් කිරීමට නියෝගයක්.

එක්සත් රාජධානියේ ස්වාධීන විනිශ්ච්‍ය සභාවක් විසින් එරට LTTE සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝග කර තිබේ.

මෙම් විනිශ්ච්‍ය සභාව එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ විශේෂයෙන් ස්ථාපිත කර ඇති අතර, එය තහනම් කල සංවිධාන සදහා අභියාචනා කොමිසම (Proscribed Organization Appeal Commission) ලෙස හැදින්වේ. මෙම කොමිසමට අභියාචනා කර ඇත්තේ දෙමළ ඊළාම් පාර ජාතික ආණ්ඩුවේ සාමාජිකයන් ය.

වර්ශ 2018දී මෙම පාර ජාතික දෙමළ ඊලාම් ආණ්ඩුව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලයෙන් LTTE තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඇති නමුත් ස්වදේශ කටයුතු කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම අභියාචනය යොමු කරන්නේ එකී ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවය.

මෙම කොමිසමට තහනම් කල සංවිධාන සම්බන්ධව බ්‍රිතාන්‍ය රජයට නියෝග කිරීමට බලය ඇති අතර කොමිසම විසින් මෙම නියෝගය ලබා දෙන්නේ එකී බලය අනුවය.

පාරජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවේ සාමාජිකයන් වෙනුවෙන් මෙම අභියාචනය ගොනු කර ඇත්තේ ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමිස් හා මැට්‍රික්ස් චේම්බර්ස් හි මහාචාර්ය කොනර් ගියර්ටි මහතා ය.

උපුටා ගැනීම.

http://www.ft.lk/news/Tribunal-orders-UK-Govt–to-lift-ban-on-LTTE/56-707886

Social Sharing
නවතම