“මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා” – මාකඳුරේ මධුෂ්

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා අද (20) උදෑසන 3ට පමණ  කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසුව ලංකාවේ දී අත්අඩංගුවට පත්ව මාස 18ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරයේ සිටි මධුෂ් දැනට දින කිහිපයක පෙර කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගෙන තිබුනේ වැඩි දුර පරීක්ෂණ සදහා බව සදහන් කරමිනි.

පොලීසිය පවසන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයට සිදුකල පරීක්ෂණ අනුව, මාලිගාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද පිළිබදව තොරතුරු හෙලිවීම නිසා, ඒය සොයා ගැනීමට මධුෂ් සමග යාමේ දී තවත් පාතල කල්ලියක් සමග ඇති වූ වෙඩි හුවමාරැවක දී මධුෂ්ට වෙඩි වැදී මියගිය බවත්ය.

මෙම සිද්ධියට දින දෙකකට පෙර ඒනම් ඔක්තෝබර් 18 දා lankadawasa වෙබ් අඩවිය මේ සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පලකරනු ලැබූ අතර, ඉන් කියවෙන්නේ “අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………” යැයි කොළඹ අපරාධ කොට්ඨාශයේ දී මධුෂ් විසින් පවසා ඇති බවත්ය.

ඒම වෙබ් අඩවිය තවදුරටත් පවසන්නේ මේ හේතුව නිසා ඔහු තවත් දින කිපයකින්  මරා දැමීමට කටයුතු යොදමින් ඇති බවත්, ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමියට කටයුතු කළ යුතු බවත්ය.

lankadawasa වෙබ් අඩවිය පලවූ ඒම සම්පුර්ණ ලිපිය පහත දැක්වේ.

ඔක්තෝබර් 18, 2020

කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!!

මීට වසර එකහමාරකට පමණ පෙර දී  යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව  රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව  1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.

එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම  රැගෙන ගියේ  කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට  මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත.

කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු  පවතී.

ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත.  දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ  නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.

ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල්  සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය. ඒත් දේශ බන්දුලා ගේ  නෙවිල් සිල්වා  ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.

ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව  ගේ ඉදිරි ආරක්ෂාව හා  රටේ පැවැත්ම නිසාමය.

ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.

දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය. පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.

ඒ ඉදිරියේ දී  පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය.  පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය. …

“ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”

මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.

මධූෂ  කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ

“අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”

මේ නිසා ඔහු  තවත් දින කිපයකින්  මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.

( http://www.lankadawasa.com/?lang=si )

Social Sharing
නවතම