ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි.  ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයෙන් වනුෂි වයඹ දිග ඔ්කලනඩ් ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තරඟ වැදී ඇත. ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වී ඇත්තේ නවසීලන්ත ජාතික හැමිල්ටන්හි ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වන ජේක් බෙසන්ට්ය. ඔහු මනාප 12,727 ක් ලබා ගනිද්දි වනුෂි මනාප 14,142 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ශ්‍රි ලංකාවේ ඉපිද වයස අවුරුදු 05 දී නවසීලන්තයේ පදිංචියට ගොස් ඇති, ඇය මේ වන විට මානව හිමිකම් සම්බන්ධයෙන් නීතිඥවරියක හා සමාගම් කළමණාකාරියක ලෙස සේවය කරයි. වනුෂි වෝල්ටර්ස් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ විදෙස් නියෝජිතවරියක ලෙසද වසර 06 ක් සේවය කර ඇත.

Social Sharing
නවතම විදෙස්